දීඝවාපි මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරක්ෂක ලේකම්ගේ නිරීක්ෂණයට

දීඝවාපි මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

එහිදී ප්‍රථමයෙන් දීඝවාපි මහා දාගැබෙහි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ගඩොල් සකස් කරන ස්ථාන නිරීක්ෂණය කළ ආරක්ෂක ලේකම්වරයා, එහි කටයුතු කඩිනමින් සහ ක්‍රමවත්ව සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

අනතුරුව දීඝවාපිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව දීඝවාපි චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදා ගත් ආරක්ෂක ලේකම්වරයා, ඉඳිවෙමින් පවතින චෛත්‍යයේ ගඩොලක් ද තැන්පත් කර තිබෙනවා.

එම අවස්ථාවේදී එහි ඉදිකිරීම් කටයුතුවල වත්මන් ප්‍රගතිය හා ඉදිරි වැඩකටයුතු පිළිබඳ ව්‍යාපෘතිය සා සම්බන්ධ නිලධාරීන් සමග ආරක්ෂක ලේකම්වරයා සාකච්ඡා කර ඇති බව සඳහන්.