සෑම ජන කොට්ඨාසයකම මතය පාර්ලිමේන්තුවේ නියෝජනය විය යුතු බව සමගි ජන බලවේගයේ බොරැල්ල ආසන සංවිධායක දේශමාන්‍ය ජනක නන්ද කුමාර මහතා පවසයි.
එසේ නොවන්නේ නම් බලය හිමි කණ්ඩායම හිතුවක්කාරව, පක්ෂග්රාහීව තමන්ට පක්ෂපාතී කොටස්වල පමණක් වුවමනා ඉටුකර ගන්නා බව පෙන්වා දෙන ඒ මහතා තමන්ගේ මතයට අනෙක් සියලු කොටස් යටත් කර ගැනීමක් සිදුවන බව ද මර්දනය ක්‍රියාත්මක වන බව ද පෙන්වා දුන්නේය.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් නන්ද කුමාර මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය.
Òජවිපෙ පාලනයට රට යට වුණොත් එය ප්රජාතන්ත්රවාදයට අනතුරක්. දකුණු ආසියානු කලාපයේ ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය හොඳින්ම ඇති එකම රට ශ්‍රී ලංකාවයි. අපි පිළිගන්න ප්රජාතන්ත්රවාදය තුළ සමාජයේ සෑම කොටස්වලටම නිදහස සහ අයිතිවාසිකම් ලැබී තිබෙනවා. එම තත්ත්වය තවදුරටත් දියුණු වීම ඉදිරියේ දී විය යුතුයි. රාජ්‍ය පාලනය සඳහා පාලකයන් තෝරා ගැනීම, සර්වජන ඡන්ද බලයෙන් කිරීමට ආරම්භ කළ මේ කලාපයේ පළමු රට ලංකාවයි. ඒ 1931 දී. එදා මේ කලාපයම ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී පාලනයට යටත්ව පැවති අතර මේ සියලු රාජ්‍යයන් පාලනය වියයුතු ක්‍රමය තීරණය කළේ ඔවුන්. නමුත් 1931 දී ඔවුන් තීරණය කළා ලංකාවේ ජනතාවට තමන්ගේ පාලකයා තෝරා ගැනීමේ ප්රජාතන්ත්රවාදී වරම ලබාදිය යුතුයි කියලා. ඇයි තවත් රටවල් තිබෙද්දී ලංකාව තෝරා ගත්තේ ? ඔවුන්ට විශ්වාසයක් තිබුණා මේ රටේ ජනතාව තමන්ට ලැබුණු මේ අයිතිවාසිකම නිවැරදිව පාවිච්චි කරමින් රටේ උන්නතියට තමන්ගේ පාලකයන් තෝරා ගනියි කියලා.
සමගි ජන බලවේගය සමාජ සාධාරණත්වය මූලික කර ගත් දේශපාලන ව්‍යාපාරයක්. අපේ පාලනයක් යටතේ මර්දනය වෙනුවට ක්‍රියාත්මක වන්නේ සැමට නිදහස සහ අයිතිවාසිකම්. සැමට ජයක් ලැබෙන සමගි රටක්”.