පාර්ලිමේන්තු මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මේ දක්වා බරපතළ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් වාර්තා වී නැති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා දිනමිණට පැවැසීය.
මැතිවරණයට අදාළව සුළු පැමිණිලි 150ක් පමණ ලැබී තිබුණ ද සමස්තයක් ලෙස මැතිවරණ කටයුතු ඉතා සාමකාමීව පවතින බවද ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා ද අදහස් දක්වමින් පැවැසීය.
මෙවර මහමැතිවරණය නිරීක්ෂණ කටයුතුවලට මැතිවරණ නිරීක්ෂකයෝ 5000ක් පමණ යොදවා ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.