පාර්ලි­මේ­න්තුව රැක­ගන්න පිරි­සක් මැති­ස­බ­යට යවන්න-හිටපු ජන­පති බිය­ග­මදී කියයි

පාර්ලි­මේ­න්තු­වට පත් කර යැවිය යුත්තේ පාර්ලි­මේ­න්තුව ශුද්ධ කරන පිරි­සක් නොව පාර්ලි­මේ­න්තුව රැක ගන්නා කණ්ඩා­ය­මක් යැයි හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය.

හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා එසේ පැව­සුවේ පසු­ගි­යදා (06) රාත්‍රියේ සිය­ඹ­ලා­පේ­වත්ත, ටැම­රින් උත්සව ශාලාවේ පැවති නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ බිය­ගම ජන­හ­මුව අම­ත­මිනි.

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ගම්පහ දිස්ත්‍රික් අපේ­ක්ෂ­ක­යන් වන බිය­ගම ආස­න­යෙන් ඉදි­රි­පත් වී සිටින එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජ­ය­ව­ර්ධන හා හිටපු බස්නා­හිර පළාත් සභා මන්ත්‍රී ගුණ­සිරි ජය­නාත් මහ­ත්ව­රුන් විසින් මෙය සංවි­ධා­නය කර තිබිණි.

මෙහිදී තව­දු­ර­ටත් රනිල් වික්‍ර­ම­සිංහ මහතා මෙසේ ද කීය.

“පාර්ලි­මේ­න්තුව කියන්නේ රටේ උත්ත­රී­තර ආය­ත­න­යක්. රටට අවශ්‍ය නීති සම්පා­ද­නය කර­නවා. රට ඉදි­රි­යට ගෙන­යෑ­මට අවශ්‍ය අණ­ප­නත් සම්මත කර­න්නේත් රටේ මුදල් පාල­නය කර­න්නේත් පාර්ලි­මේ­න්තුව. එවැනි උත්ත­රී­තර ආය­ත­න­යක් ශුද්ධ කර­නවා කියන්නේ බර­ප­තළ ප්‍රශ්න­යක්. ඉතින් එහෙම කියන ජාතික ජන බල­වේ­ග­යෙන් පාර්ලි­මේ­න්තුව ගැන විශ්වා­ස­යක් තබ­න්නට අපට බැහැ. ඒ නිසා එවැනි පක්ෂ­යක අපේ­ක්ෂ­ක­යන් පාර්ලි­මේ­න්තු­වට යවන්න එපා.

ඔවුන් පාර්ලි­මේ­න්තු­වට හොර ගුහා­වක් කිය­නවා. එය හොර ගුහා­වක් නම් ජාතික ජන බල­වේ­ගය පාර්ලි­මේ­න්තු­වට එන්න හදන්නේ ඇයි. රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කරන්නේ පාර්ලි­මේ­න්තු­වයි. ඒ නිසා ඔවුන් පාර්ලි­මේ­න්තු­වට ආවොත් එය මේ රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට තර්ජ­න­යක් එල්ල වීමට පවා ඉඩ තිබෙ­නවා. ඔවුන්ගේ අතී­තය දෙස ආපසු හැරී බැලු­වොත් එය අපට මනාව පැහැ­දි­ලියි. ඒ නිසා මේ රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කිරී­මට කැපවී සිටින නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණට පාර්ලි­මේ­න්තුවේ බහු­ත­රය දෙන ලෙස ජන­තා­ව­ගෙන් ඉල්ල­නවා.

අපගේ පෙර­මුණේ රටට වැඩ කර පළ­පු­රු­ද්දක් තිබෙන මැති ඇමැ­ති­ව­රුන් සිටි­නවා. එහෙම අය පාර්ලි­මේ­න්තු­වට යවන්න. පළ­පු­රු­ද්දක් නැති අය පාර්ලි­මේ­න්තු­වට යවන්න එපා. ඒ අය පාර්ලි­මේ­න්තු­වට පත්වු­ව­හොත් රට ඉදි­රි­යට ගෙන යන්න බැහැ. මේ රට වැටී තිබෙන අමාරු කාලයේ තමයි මා රට භාර ගත්තේ. ඒ අව­ස්ථාවේ මට එව­කට පාර්ලි­මේ­න්තුවේ සිටි අය සහාය දුන්නා. ඒකයි මට වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාල­ය­කින් ගොඩ­ගෙන රටේ ආර්ථි­කය ශක්ති­මත් කිරී­මට හැකි­වුණේ. ජාතික ජන බල­වේ­ගයේ රට නැංවී­මට පළ­පු­රු­ද්දක් හා හැකි­යා­වක් තිබෙන අය නැහැ.

මේ ඡන්දය පාර්ලි­මේ­න්තුව ශුද්ධ කරන ඡන්ද­යක් නොවෙයි. පාර්ලි­මේ­න්තුව බේරා­ගන්නා ඡන්ද­යක්. ඒ නිසා මේ මැති­ව­ර­ණ­යේදී ජන­තාව බුද්ධි­මත්ව ඡන්දය පාවිච්චි කරන්න ඕනෑ. පාර්ලි­මේ­න්තුව හොරු ගුහා­වක් කියන, පාර්ලි­මේ­න්තුව ශුද්ධ කර­නවා කියන ජාතික ජන බල­වේ­ගයේ අය පාර්ලි­මේ­න්තු­වට පත්වු­ව­හොත් ඔවුන් රටේ ගෙනි­යන්න හදන්නේ පැසි­ස්ට්වාදී පාල­න­යක් බව අපට පැහැ­දි­ලියි. ඒ බව ඔවුන්ගේ කියු­ම්ව­ලින් පෙනී යනවා. ඒ නිසා මේ රටට ආද­රය කරන ජන­තාව මේ රටේ පාර්ලි­මේ­න්තුව බේරා ගන්න ඉදි­රි­පත් වී සිටින නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදි පෙර­මුණේ අය පාර්ලි­මේ­න්තු­වට යැවිය යුතුයි. රට රැකෙන්නේ පාර්ලි­මේ­න්තුව පැව­තු­ණොත් පම­ණයි.”

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදි පෙර­මුණේ ගම්පහ දිස්ත්‍රික් අපේ­ක්ෂක හා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජ­ය­ව­ර්ධන මහතා –

“ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජාතික ජන බල­වේ­ග­යට ඡන්දය දුන් අය මේ මැති­ව­ර­ණ­යේදී ඔවුන්ට ඡන්දය දෙන්නේ නැහැ. ඒ හේතු­වෙන් ඔවුන්ගේ ඡන්ද ප්‍රමා­ණය මෙවර අඩු වෙනවා. ඒ නිසා ඔවුන් මේ වන­විට ජන­තා­වට දුන් පොරොන්දු ඉටු කිරී­මට නොහැ­කිව දැඩි අර්බු­ද­ය­කට මුහුණ පා සිටි­නවා.”

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදි පෙර­මුණේ ගම්පහ දිස්ත්‍රික් අපේ­ක්ෂක හිටපු බස්නා­හිර පළාත් සභා මන්ත්‍රී ගුණ­සිරි ජය­නාත් මහතා –

“අයි­එ­ම්එෆ් ගිවි­සුම අහෝසි කරන බව කී අනුර කුමාර දිසා­නා­යක ජනා­ධි­ප­ති­ව­ර­යාට එය වෙනස් කරන්න නොහැකි වී තිබෙ­නවා. එයින්ම ඔහුට රටේ ආර්ථි­කය ශක්ති­මත් කිරී­මට වෙන වික­ල්ප­යක් නැති බව මනාව පැහැ­දි­ලියි.”

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදි පෙර­මුණේ ගම්පහ දිස්ත්‍රික් අපේ­ක්ෂ­ක­යන් වන හිටපු රාජ්‍ය ඇමැති ලසන්ත අල­ගි­ය­වන්න හා හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂණී ගුණ­ව­ර්ධන, හිටපු ඇමැ­තිනි තලතා අතු­කෝ­රල හා බිය­ගම ප්‍රාදේ­ශීය සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රසන්න සම්පත් යන මහත්ම මහ­ත්මීහු ද මෙහිදී කතා කළහ.

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ අපේ­ක්ෂ­ක­යන් වන දොම්පේ ආස­නයේ ප්‍රධාන සංවි­ධා­යක සුජිත් ප්‍රිය­ද­ර්ශන, ප්‍රියාන් ඩී. සිල්වා හා හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී අංශු මාර­සිංහ මහ­ත්වරු ද මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.