ඡන්දය දුන් බව සහ­තික කරන්නේ වම් අතේ දබ­රැ­ඟිල්ල පාට කිරී­මෙන්-මැති­ව­රණ කොමි­සමේ සභා­පති

මෙවර මහ­මැ­ති­ව­ර­ණයේ ඡන්ද විම­සීම සඳහා භාවිත කරන්නේ වම් අතේ දබ­රැ­ඟිල්ල බව මැති­ව­රණ කොමි­සමෙ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා පව­සයි.

ජනා­ධි­ප­ති­ව­ර­ණය සහ ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණය සඳහා සුළැ­ඟිල්ල සහ මහ­පට ඇඟිල්ල භාවිත කිරීම හේතු­වෙන් මේ පිය­වර ගත් බව ද හෙතෙම කියා සිටි­යේය.

ඡන්දය ප්‍රකාශ කිරී­මට ජාතික හැඳු­නු­ම්පත පැරණි හෝ නව වලංගු විදේශ ගමන් බල­ප­ත්‍රය, රියැ­දුරු බල­ප­ත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රා­මික හැඳු­නු­ම්පත, ඊ හැඳු­නු­ම්පත සහ වැඩි­හිටි හැඳු­නු­ම්පත, පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුව නිකුත් කර ඇති පූජ්‍ය හෝ පූජක හැඳු­නු­ම්පත, හැඳු­නු­ම්පත නොමැති වීම නිසා පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුව නිකුත් කර ඇති තාව­කා­ලික හැඳු­නු­ම්පත, ආබා­ධි­ත­යන් සඳහා මැති­ව­රණ කොමි­සම නිකුත් කර ඇති හැඳු­නු­ම්පත භාවිත කළ හැකි බවත් මේ කිසි­වක් නොමැති නම් මැති­ව­රණ කොමි­ස­මෙන් තාව­කා­ලික හැඳු­නු­ම්ප­තක් ලබා ගත හැකි වන අතර අපැ­හැ­දිලි හැඳු­නු­ම්පත් ඒ ආකා­රයේ කිසිදු හැඳු­නු­ම්ප­තක් හෝ ඡයා­රූ­පය සඳ­හන් කිසිදු ලිය­වි­ල්ලක් භාවිත කළ නොහැ­කියි.

කායික දුබ­ලතා ඇති පුද්ග­ල­යෙක් කැටුව යෑමට ඡන්ද පොළට ගමන් කිරීම අව­සර පත් ග්‍රාම නිල­ධාරි මඟින් ලබා ගත් පෝර­මය පුරවා වෛද්‍ය සහ­ති­කය මඟින් ඉදි­රි­පත් කළ යුතු වන අතර වසර 10ක් සඳහා මැති­ව­රණ කොමි­සම ආබා­ධිත පුද්ග­ල­යන්ට නිකුත් කර ඇති හැඳු­නු­ම්පත් ඇත්නම් වෛද්‍ය සහ­තික අවශ්‍ය නැහැ. අදාළ නිහඬ කාලය කිසිදු ප්‍රචා­රක කට­යු­ත්තක් කිරී­මට බැහැ. ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පිහි­ටුවා ඇති කාර්යාල 12 මධ්‍යම රාත්‍රි‍ෙ­යන් පසු ඉවත් කළ යුතුයි. පක්ෂ සහ කණ්ඩා­යම් සඳහා එකක් ලෙස දුන් කාර්යාල පම­ණක් තබා ගත හැකියි. අපේ­ක්ෂ­ක­යාගේ නි‍ෙවස කාර්යා­ල­යක් ලෙස තව­දු­ර­ටත් පවත්වා ගත හැකි වුවද කාර්යා­ල­වල සැර­සිලි කිරීම බැහැ.

ඡන්ද මධ්‍ය­ස්ථා­නයේ සිට මීටර් 500ක් දුරින් කාර්යා­ල­යක් පිහිටා ඇත්නම් කිසිදු සැර­සි­ල්ලක් පව­ත්ව­න්නට බැහැ. ඡන්දය ලබා දීමේදී ඡන්ද පත්‍රිකා වර්ග දෙකක් ඇත. පොලො­න්න­රුව, මොන­රා­ගල, කෑගල්ල සඳහා තනි පේළි­යට ඇති පත්‍රි­කා­වක් සහ අනෙක් මැති­ව­රණ කොට්ඨාස 19 පේළි දෙක­කට ඇති ඡන්ද පත්‍රි­කා­වක් භාවිත කරනු ලබයි. පළමු තමන් කැමති පක්ෂය හෝ කණ්ඩා­යම ඉදි­රියේ කතිර සල­කු­ණක් යෙදීම අත්‍ය­ව­ශ්‍යයි.

එසේ කතිර සල­කුණ නැත්නම් ඡන්ද පත්‍රි­කාව අව­ලංගු වෙන අතර ඉන් අන­තු­රුව මනාප තුනක් ලකුණු කිරී­මට හැකියි. ඉල­ක්ක­ම්ව­ලින් ලබා දී ඇත්තේ මනාප අංක­යයි. අංක හඳු­නා­ගැ­නී­මට අපේ­ක්ෂක ලැයි­ස්තුව එවා තිබෙ­නවා. එක් දේශ­පා­ලන පක්ෂ­ය­කට හෝ ස්වාධීන කණ්ඩා­ය­ම­කට කතිර සල­කුණු යොදා ඇත්නම් එය ප්‍රති­ක්ෂේප වන අතර මනාප තුන­කට වඩා වැඩි­යෙන් යොදා ඇත්නම් එය ද ප්‍රති­ක්ෂේප වෙනවා.

මනාව පරීක්ෂා කර ඡන්ද පත්‍රි­කාව ලකුණු කළ­හොත් ඔබ කැමති දේශ­පා­ලන පක්ෂ­යට හෝ ස්වාධීන කණ්ඩා­ය­මට නිවැ­රැ­දිව භාවිත කරන්න.