ඡන්ද කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ්.එල් රත්නායක මහතා සඳහන් කළේ, ඊට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත , විදෙස් ගමන් බලපත්‍රය ඇතුළු ලියකියවිලි 8 ක් වලංගු වන බවයි.
ඡන්දය ප්‍රකාශ කිරීමට ජාතික හැඳුනුම්පත පැරණි හෝ නව වලංගු විදේශ ගමන් බලපත්‍රය, රියැදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, ඊ හැඳුනුම්පත සහ වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති පූජ්‍ය හෝ පූජක හැඳුනුම්පත, හැඳුනුම්පත නොමැති වීම නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත, ආබාධිතයන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති හැඳුනුම්පත භාවිත කළ හැකි බවත් මේ කිසිවක් නොමැති නම් මැතිවරණ කොමිසමෙන් තාවකාලික හැඳුනුම්පතක් ලබා ගත හැකි වන අතර අපැහැදිලි හැඳුනුම්පත් ඒ ආකාරයේ කිසිදු හැඳුනුම්පතක් හෝ ඡයාරූපය සඳහන් කිසිදු ලියවිල්ලක් භාවිත කළ නොහැකිය.
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කාලය ඊයේ (08) දිනයෙන් අවසන් විය.
පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වැනිදා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී පැවැත්වීමට නියමිතය.