හිටපු ජනාධිපතිවරුන් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කරයි.
නමුත් එම ක්‍රියාමාර්ගය ගැනීමට පාර්ලිමේන්තු වරමක් අවශ්‍ය වන බවත් දැනට ඇති පනත අහෝසි කිරීම පාර්ලිමේන්තුවෙන් කළයුතු බවත් ඒ මහතා කියයි.
පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ මහා ශ්‍රමදානයක් එළඹෙන 14 වැනිදා පැවැත්වෙන බවත් ඊට සම්බන්ධ වන සියලු දෙනාට මහානුභාව සම්පන්න ආනිශංස ගෙන දෙන බවත් හෙතෙම කියා සිටියේය.
මාලිමාවට කතිරේ ගහපු ගමන් දිව්‍යලෝකෙ යනවා’යැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ පක්ෂයේ මහමැතිවරණ ජන හමුවක් අමතමිනි.