ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 1574ක් ලියාපදිංචි වී තිබේ.
පසුගිය 4 වැනිදා ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් වූ අතර, ඉන්දීය ක්‍රීඩකයන් 1165ක් සහ විදෙස් ක්‍රීඩකයන් 409ක් මේ ලියාපදිංචි වූ පිරිසට ඇතුළත්ය.
මේ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 29 දෙනකු ලියාපදිංචි වී ඇති අතර, වැඩිම විදෙස් ක්‍රීඩකයන් පිරිසක් ලෙස 91 දෙනකු ලියාපදිංචි වී ඇත්තේ දකුණු අප්‍රිකාවෙනි. ඔස්ට්‍රේලියාවෙන් 76ක්, එංගලන්තයෙන් 52ක්, නවසීලන්තයෙන් 39ක්, බටහිර ඉන්දීය කොදෙව් 33ක් සහ ඇෆ්ගනිස්තානයෙන් ක්‍රීඩකයන් 29 දෙනකු ද ලියාපදිංචි වී තිබේ.
මේ අතර ජාත්‍යන්තර තරග වරම් ලබා ඇති ක්‍රීඩකයෝ 320ක් සහ ජාත්‍යන්තර තරග වරම් ලබා නැති ක්‍රීඩකයෝ 1224ක් සිටිති.
ටෙස්ට් වරම් ලබා නැති රටවලින් ක්‍රීඩකයන් 30 දෙනකු ලියාපංචි වී සිටීම කැපී පෙනෙන අතර, ඊට නෙදර්ලන්තයෙන් 12ක්, අමෙරිකාවෙන් 10ක්, කැනඩාවෙන් 4ක්, ස්කොට්ලන්තයෙන් 2ක්, එමීර් සහ ඉතාලියෙන් ක්‍රීඩකයකු බැගින් එක්ව සිටිති.
මෙවර වෙන්දේසියට පෙර පසුගිය තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 46 දෙනෙක් රඳවා ගැනීමට කණ්ඩායමක් කටයුතු කළ අතර, ශ්‍රී ලංකාවෙන් චෙන්නායි පිලට ක්‍රීඩා කරන මතීෂ පතිරණට පමණක් එම අවස්ථාව උදා විය.
මෙවර අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසිය මේ මස 24 සහ 25 දිනවල සවුදි අරාබියේදී පැවැත්වීමට නියමිතය.