මෙරටදී ප්‍රථමවරට පැවැත්වෙන ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. මේ තරගාවලිය කණ්ඩායම් 6කගේ සහභාගිත්වයෙන් ලබන මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
දේශීය ක්‍රීඩකයන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් ද මේ තරගාවලියට එක් වන අතර, කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාවල්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් සහ නිගම්බු බ්‍රේව්ස් ලෙස කණ්ඩායම් තරගාවලියට එක් වෙයි.
මේ සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු පසුගිය මාසයේ පැවති අතර, ක්‍රීඩකයන් තෝරා ගැනීමේ කටයුතු මේ මස 10 වැනිදා සිදු කෙරේ. සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් 17 සහ 15 අතර සංඛ්‍යාවක් ඇතුළත් වන ලෙස සංචිත සකස් කිරීමට නියමිතය. ඊට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් 7 දෙනකුද ඇතුළත් විය යුතුය.