මොහො­මඩ් නබි එක්දින පිටි­යෙන් සමු­ගැ­නී­මට තීර­ණය කරයි

ඇෆ්ග­නි­ස්ථා­නයේ සුපිරි තුන් ඉරි­යව් ක්‍රීඩක මොහො­මඩ් නබි එළ­ඹෙන චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යෙන් පසු එක්දින ක්‍රිකට් පිටි­යෙන් සමු­ගැ­නී­මට තීර­ණය කරයි. නබි ඔහුගේ තීර­ණය ඇෆ්ග­නි­ස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩ­ල­යට දන්වා ඇත. 39 හැවි­රිදි මොහො­මඩ් නබි 2019 වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටි­යෙන් සමු­ග­ත්තේය. එහෙත් තව­මත් ඔහු ඇෆ්ග­නි­ස්තා­නය විස්සයි20 ක්‍රිකට් පිල නියෝ­ජ­නය කර­මින් සිටී. ඇෆ්ග­නි­ස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩ­ලයේ ප්‍රධාන විධා­යක නිල­ධාරී නසීබ් ඛාන් මේ බව විදෙස් මාධ්‍ය වෙත තහ­වුරු කළේය. නසීබ් ඛාන් පැව­සුවේ, චැම්පි­යන්ස් කුස­ලා­න­යෙන් පසු නබී එක්දින ක්‍රිකට් ක්‍රීඩා­වෙන් විශ්‍රාම ගන්නා අතර ඔහු තම කැමැත්ත මණ්ඩ­ල­යට දන්වා ඇත. ඔහු මාස කිහි­ප­ය­කට පෙර මට පැව­සුවේ චැම්පි­යන්ස් කුස­ලා­න­යෙන් පසු ඔහුගේ එක්දින ක්‍රිකට් දිවිය අව­සන් කිරී­මට අවශ්‍ය බවත් ඔහුගේ තීර­ණය අපි සාද­ර­යෙන් පිළි­ගන්නා බවත්ය. චැම්පි­යන්ස් කුස­ලා­න­යෙන් පසුව මොහො­මඩ් නබි විස්සයි20 ක්‍රිකට් දිවිය දිග­ටම කර­ගෙන යනු ඇතැයි අපේක්ෂා කරයි.