බදු­ල්ලට ධාරා­නි­පාත වර්ෂා පෙදෙස් රැසක නාය­යෑම්-බදුලු ඔයේ ජල මට්ටම ඉහ­ළට | සුම­න­ති­ස්ස­ගම ගංව­තු­රින් යට වේ

බදුල්ල නග­රය අවට ප්‍රදේ­ශ­යට ඊයේ (8) පස්ව­රුවේ පතිත වූ ධාරා­නි­පාත වර්ෂා­වත් සමඟ ප්‍රදේශ පස්කඳු, ගල්ප­ර්වත, ගස්කො­ළන් කඩා­වැටී මාර්ග රැසක් අව­හිර වී, බදුලු ඔයේ ජල මට්ට­මද ඉතා ශීඝ්‍ර­යෙන් ඉහළ ගොස් සුම­න­ති­ස්ස­ගම කයි­ල­ගොඩ, බදු­ලු­පි­ටිය, දෙයි­ය­න්නේ­වෙල ප්‍රදේ­ශ­වල නිවාස රැසක් ජල­යෙන් යට වූ බව ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යා­ලය ප්‍රකාශ කළේය. එක්ව­රම පතිත වූ මහා වර්ෂා­වත් සමඟ හාලි­ඇළ කැට­වල මාර්ග­යට විශාල ගසක් කඩා­වැටී අව­හිර වී ඇති අතර, බදුල්ල ස්ප්‍රීංවැලි මාර්ගයේ කෝට්ට­ගොඩ ප්‍රදේ­ශයේ නාය මක් හේතු­වෙන් එම මාර්ගයේ රථ වාහන ධාව­න­යට බාධා සිදුව තිබිණි. මේ අතර බදුල්ල වැලි­මඩ ප්‍රධාන මාර්ගයේ ඇට­ම්පි­ටිය 100 කනුව අසල නාය යෑම සක්‍රීය වෙමින් මාර්ග­යට පස්කදු ගල්ප­ර්වත කඩා­වැ­ටීම නිසා වැලි­මඩ බදුල්ල මාර්ගයේ එම ස්ථානයේ රථ වාහන ධාව­නය එක් මංතී­රු­ව­කට සීමා කෙරිණි. වැලි­මඩ උඩු­පු­ස්සැ­ල්ලාව මාර්ගයේ කෝට්ට­ගොඩ පාලම අසල නාය­යෑම හේතු­වෙන් එම මාර්ගයේ රථ වාහන ධාව­නය ඇන­හිට ඇති අතර, බදුලු ඔයේ ජල මට්ටම ඉතා ශීඝ්‍ර­යෙන් ඉහ­යෑම නිසා උඩු­වර 5 කනුව පාලම ජල­යෙන් යට වී ගම­නා­ග­ම­නය ට බාධා සිදු විය . මේ අතර බදුලු ඔයේ ජල මට්ටම ඉහළ යෑම නිසා බදුල්ල සුම­න­ති­ස්ස­ගම, හංවැල්ල කයි­ල­ගොඩ බදු­ලු­පි­ටිය දෙයි­ය­න්නේ­වෙල ප්‍රදේ­ශ­වල නිවාස අඩි 3ක් පමණ ජල­යෙන් යට වී ඇති හෙයින් එම බදුලු ඔය ආස­න්නයේ නිවාස හිමියෝ කල්වේලා ඇතිව නිවා­ස­වල බඩු­බා­හි­රා­දිය ආර­ක්ෂිත ස්ථාන කරා රැගෙන ගියහ. පස්සර ලුණු­ගල මාර්ගයේ අමු­ණු­වත්ත සිට පීස්ස­ගම හන්දිය දක්වා මාර්ගයේ ස්ථාන විස්සක පමණ සුළු නාය­යෑම් සිදු වී ඇතැයි මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ බදුල්ල විධා­යක ඉංජි­නේරු කාර්යා­ලය පව­සයි. වර්ෂා­වත් සමඟ හාලි­ඇළ නග­රයේ තැපැල් හල පාර සම්පූ­ර්ණ­යෙන්ම ජල­යෙන් යට වී ගම­නා­ග­ම­න­යට බාධා සිදුව තිබූ අතර, නග­රයේ වෙළෙ­ඳ­සල් රැසක් ජල­යෙන් යට වී දේපළ රැස­කට අලා­භ­හානි විය.

මේ වන විටත් වර්ෂාව බදුල්ල ප්‍රදේශ යට පතිත වෙමින් පව­තින අතර මි.මී. 100 ඉක්මවූ වර්ෂා­ප­ත­න­යක් පතිත වී ඇතැයි කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව පව­සන අතර, වර්ෂාව තව දුර­ටත් පව­තින හෙයින් බදුලු ඔය දෙපස පදිං­චිව සිටින ජන­තා­වට දැඩි විම­සි­ල්ලෙන් අව­ධා­න­යෙන් කල්ප­නා­කා­රීව ආර­ක්ෂි­තව සිටින ලෙස ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ බදුල්ල දිස්ත්‍රික් සහ­කාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උද­ය­කු­මාර මහතා දැනුම් දී සිටී.