අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමෙන් නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මොහොමඩ් යූනුස්ගේ ප්‍රධානත්වයෙන් යුතු බංග්ලාදේශයේ අන්තර්වාර රජයට අභියෝග රැසකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් බංග්ලාදේශයේ ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් සම්බන්ධව හා එරට පැවැති අවසන් මැතිවරණයේ විනිවිදභාවය සම්බන්ධව හිටපු අගමැතිනිය ශෙයික් හසීනා ඇතුළු අවාමි ලීග් රජය දැඩි විවේචනයට ලක් කරමින් අන්තර්වාර රජය සමඟ සමීපව කටයුතු කිරීම ඊට හේතුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. බයිඩ්න්ගේ පාලන සමයේදී හසීනාගේ රජයේ නිලධාරීන්ට සහ දේශපාලඥයන්ට අමෙරිකානු වීසා බලපත්‍ර සීමා කිරීමට ද පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
බයිඩ්න්ගේ ඩිමොක්රටික් පක්ෂය සමඟ සමීපව කටයුතු කළ මහාචාර්ය මොහොමඩ් යූනුස්ට ජෝ බයිඩ්න්, බැරක් ඔබාමා සහ බිල් ක්ලින්ටන් වැනි හිටපු ජනාධිපතිවරුන් සමඟ ද සමීප සබඳතා පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අන්තර්වාර රජයේ ප්‍රධානියා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිත්‍ර පාර්ශ්වයට අයත් නොවන බැවින් ඔහුගේ පාලනය තුළ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ බංග්ලාදේශයේ දැඩි අවධානය යොමු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.