ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අමෙරිකානු ඩොලර් බිලියන 7ක ණය මුදලක් සම්බන්ධව පාකිස්තාන රජය විසින් සිදුකරනු ලැබූ සාකච්ඡා නිමාවට පත්වූවද, එරට රජය ඩොලර් බිලියනයක හදිසි ණය මුදලක් අපේක්ෂා කිරීම හේතුවෙන් යළි සාකච්ඡා ආරම්භ වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මේ මස 11 වැනිදා පාකිස්තානයට පැමිණිමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. හදිසි ණය අවශ්‍යතාවට හේතු වී ඇත්තේ එරට බලශක්ති මිල ඉහළ යෑම සහ ණය ගැනීමේ සීමාවන් නිසා පාකිස්තානයේ දේශීය රෙදිපිළි කර්මාන්තය දැඩි පසුබෑමකට ලක්වීම හේතුවෙන් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ණය මුදලේ ප්‍රමාදය සහ දේශීය රෙදිපිළි කර්මාන්තයේ බිඳ වැටීම එරට රජයේ පීඩනය ඉහළ දමා ඇතැයි ද වාර්තා වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ප්‍රමාදවීම පාකිස්තානය සහ චීනය අතර ඇති චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝවට ද විශාල බලපෑමක් වනු ඇතැයි එරට ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.