කැනඩාවේ ටොරොන්ටෝ නුවර ආසන්නයේ පිහිටි හින්දු දේවස්ථානයකට පසුගියදා එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය හිතාමතා සිදුකළ ප්‍රහාරයක් බවත් ඉන්දීය අගමැතිවරයා සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කැනඩාවේ බලධාරීන් වහාම නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරනු ඇතැයි ද එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ටොරොන්ටෝ නුවර තදාසන්න ප්‍රදේශයක් වන බ්‍රැම්ටන්හි පිහිටි හින්දු දේවස්ථානයකට වන අතර, දෙපිරිසක් අතර ගැටුමක් දුරදිගයෑමත් සමඟ එම ප්‍රහාරය සිදුවී ඇතැයි වාර්තා වේ.
එවැනි ප්‍රහාරවලින් කැනඩාවේ සියලු ආගමික ස්ථාන ආරක්ෂා කරන බවට එරට රජය සහතික විය යුතු බවත්, දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් සම්බන්ධව කැනඩාවේ රජය නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවට බලාපොරොත්තු වන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් සඳහන් කර ඇති අතර, කැනඩාවේ සිටින ඉන්දීය ජාතිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ඉන්දියාව දැඩි අවධානයෙන් පසුවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.