‘ඔහු නිර්භීත මිනි­සෙක්’ ඩොනල්ඩ් ට්‍රම්ප්ට පුටි­න්ගෙන් සුබ පැතුම්-සාකච්ඡා කිරී­ම­ටත් සූදා­නම් බව කියයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනා­ධි­ප­ති­ව­රණ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මිර් පුටින් සුබ පැතුම් එක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ධෛර්ය­ස­ම්පන්න මිනි­සකු ලෙස හැඳින්වූ පුටින් යුක්රේන යුද්ධය අව­සන් කිරී­මට සහාය විය හැකි බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැති­ව­ර­ණය රැලි­ය­කදි කළ ප්‍රකා­ශය පිළි­බඳ අව­ධා­නය යොමු කරන බව ද ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

රුසි­යාවේ සෝචි නුවර පෙරේදා පැවති උත්ස­ව­ය­කදි ට්‍රම්ප්ගේ ජය­ග්‍ර­හ­ණ­යට සුබ පැතුම් එක් කළ රුසි­යානු ජනා­ධි­ප­ති­ව­රයා ධවල මන්දි­රයේ සිය පළමු ධුර කාල­යේදී ට්‍රම්ප් සෑම අංශ­ය­කින්ම සාර්ථක වූ බව ද සිහි­පත් කර ඇතැයි වාර්තා වේ.

තමා බල­යට පත්වු­ව­හොත් යුක්රේන යුද්ධය පැය 24කින් අව­සන් කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැති­ව­රණ රැලි­ය­කදී ප්‍රකාශ කර ඇතැයි ද, ඒ ප්‍රකා­ශය කෙරෙහි පුටින්ගේ අව­ධා­නය යොමුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. පසු­ගිය ජූලි මාස­යේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාත­නය කිරීමේ උත්සා­හය පිළි­බඳ සිහි­පත් කර­මින් පුටින් ප්‍රකාශ කර ඇත්තේ එය ඔහු කෙරෙහි හැඟී­මක් ඇතිවීමට දැඩි ලෙස බලපෑ බවය.

එම වෙඩි තැබී­මෙන් පසු බුද්ධි අංශ නිල­ධා­රීන් ඔහු ඉව­තට රැගෙන යෑමට පෙර සිය අතක් ඔසවා ‘සටන් කරන්න… සටන් කරන්න…‘ යනු­වෙන් ඔහු හඬ නඟා සිය පාක්ෂි­ක­යන්ට කියා සිටි බවත්, ඔහු ඒ මොහොතේ ඉතා නිවැ­රදි ආකා­ර­යෙන් නිර්භී­තව හැසි­රුණු බවත් තම අද­හස බව පුටින් සඳ­හන් කර තිබේ.

අමෙ­රි­කාවේ නව ජන­ප­ති­ ධු­ර­යට පත්වූ ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරී­මට සූදා­නම් බව ද රුසි­යානු ජනා­ධි­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.