මහනුවර නගරයට ඊයේ (8) දහවල් සිට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට වීම නිසා මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.
අධික වර්ෂාවත් සමඟ පිඟා ඔය පිටාර ගැලීමෙන් අකුරණ නගරය ජලයෙන් යට වීම පාලනය කිරීමට පසුගිය කාලයේ විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් ඒවායින් සාර්ථක ප්‍රතිපල අත් නොවිණි. මේ වසරේදී අකුරණ නගරය තෙවරක් මෙලෙස ජලයෙන් යට වූ අතර, නගරයේ ව්‍යාපාරිකයන්ට එමඟින් රුපියල් කෝටි 20ක පමණ අලාභ සිදු විය.