මෙවර මහමැතිවරණයේ ඡන්ද විමසීම සඳහා භාවිත කරන්නේ වම් අතේ දබරැඟිල්ල බව මැතිවරණ කොමිසමෙ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.
ජනාධිපතිවරණය සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා සුළැඟිල්ල සහ මහපට ඇඟිල්ල භාවිත කිරීම හේතුවෙන් මේ පියවර ගත් බව ද හෙතෙම කියා සිටියේය.
ඡන්දය ප්‍රකාශ කිරීමට ජාතික හැඳුනුම්පත පැරණි හෝ නව වලංගු විදේශ ගමන් බලපත්‍රය, රියැදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, ඊ හැඳුනුම්පත සහ වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති පූජ්‍ය හෝ පූජක හැඳුනුම්පත, හැඳුනුම්පත නොමැති වීම නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත, ආබාධිතයන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති හැඳුනුම්පත භාවිත කළ හැකි බවත් මේ කිසිවක් නොමැති නම් මැතිවරණ කොමිසමෙන් තාවකාලික හැඳුනුම්පතක් ලබා ගත හැකි වන අතර අපැහැදිලි හැඳුනුම්පත් ඒ ආකාරයේ කිසිදු හැඳුනුම්පතක් හෝ ඡයාරූපය සඳහන් කිසිදු ලියවිල්ලක් භාවිත කළ නොහැකියි.
කායික දුබලතා ඇති පුද්ගලයෙක් කැටුව යෑමට ඡන්ද පොළට ගමන් කිරීම අවසර පත් ග්‍රාම නිලධාරි මඟින් ලබා ගත් පෝරමය පුරවා වෛද්‍ය සහතිකය මඟින් ඉදිරිපත් කළ යුතු වන අතර වසර 10ක් සඳහා මැතිවරණ කොමිසම ආබාධිත පුද්ගලයන්ට නිකුත් කර ඇති හැඳුනුම්පත් ඇත්නම් වෛද්‍ය සහතික අවශ්‍ය නැහැ. අදාළ නිහඬ කාලය කිසිදු ප්රචාරක කටයුත්තක් කිරීමට බැහැ. ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පිහිටුවා ඇති කාර්යාල 12 මධ්‍යම රාත්‍රිෙයන් පසු ඉවත් කළ යුතුයි. පක්ෂ සහ කණ්ඩායම් සඳහා එකක් ලෙස දුන් කාර්යාල පමණක් තබා ගත හැකියි. අපේක්ෂකයාගේ නිෙවස කාර්යාලයක් ලෙස තවදුරටත් පවත්වා ගත හැකි වුවද කාර්යාලවල සැරසිලි කිරීම බැහැ.
ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර් 500ක් දුරින් කාර්යාලයක් පිහිටා ඇත්නම් කිසිදු සැරසිල්ලක් පවත්වන්නට බැහැ. ඡන්දය ලබා දීමේදී ඡන්ද පත්‍රිකා වර්ග දෙකක් ඇත. පොලොන්නරුව, මොනරාගල, කෑගල්ල සඳහා තනි පේළියට ඇති පත්‍රිකාවක් සහ අනෙක් මැතිවරණ කොට්ඨාස 19 පේළි දෙකකට ඇති ඡන්ද පත්‍රිකාවක් භාවිත කරනු ලබයි. පළමු තමන් කැමති පක්ෂය හෝ කණ්ඩායම ඉදිරියේ කතිර සලකුණක් යෙදීම අත්‍යවශ්‍යයි.
එසේ කතිර සලකුණ නැත්නම් ඡන්ද පත්‍රිකාව අවලංගු වෙන අතර ඉන් අනතුරුව මනාප තුනක් ලකුණු කිරීමට හැකියි. ඉලක්කම්වලින් ලබා දී ඇත්තේ මනාප අංකයයි. අංක හඳුනාගැනීමට අපේක්ෂක ලැයිස්තුව එවා තිබෙනවා. එක් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට කතිර සලකුණු යොදා ඇත්නම් එය ප්‍රතික්ෂේප වන අතර මනාප තුනකට වඩා වැඩියෙන් යොදා ඇත්නම් එය ද ප්‍රතික්ෂේප වෙනවා.
මනාව පරීක්ෂා කර ඡන්ද පත්‍රිකාව ලකුණු කළහොත් ඔබ කැමති දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට නිවැරැදිව භාවිත කරන්න.