ඊශ්‍රා­යල් රැකි­යා­ව­ලට කාට­වත් මුදල් දෙන්න එපා-විදේශ රැකියා නියුක්ති කාර්යාං­ශය

ඊශ්‍රා­යල් රැකි­යා­ව­ලට කිසි­ව­කුට මුදල් ලබා නොදෙන ලෙස විදේශ රැකියා නියුක්ති කාර්යාං­ශය දැනුම් දෙයි. රැකියා ලබා­දෙන බව පවසා වංච­නි­කව මුදල් ලබා­ගන්නා පිරි­සක් මේ දින­වල විවිධ ස්ථාන­වල ජාවා­ර­ම්වල නිර­තව සිටින බවට තොර­තුරු ලැබී ඇති බවත් ඔවුන් පිළි­බ­ඳව කාර්යාං­ශයේ විශේෂ විම­ර්ශන අංශය පරී­ක්ෂණ ආරම්භ කර ඇති බවත් විදේශ රැකියා නියුක්ති කාර්යාං­ශයේ උසස් නිල­ධා­රි­යෙක් දින­මි­ණට පැවැ­සීය.

2024 ජන­වාරි මස සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු වෘත්ති­ක­යන් 929ක් ඊශ්‍රා­ය­ලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර ඊශ්‍රා­ය­ලයේ නිවාස පාදක කර­ගත් සාත්තු සේවා රැකියා අව­ස්ථාව හිමි වූ තවත් 16කට ගුවන් ටික­ට්පත් ප්‍රදා­නය කිරීම සහ දැනු­වත් කිරීමේ වැඩ­ස­ට­හ­නක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ දී සිදු­විය. ඊශ්‍රා­යල් සාත්තු සේවා රැකියා හිමි වූ 139 වන කණ්ඩා­යම මොවුන් වේ.

ඊශ්‍රා­ය­ලයේ සාත්තු සේවා රැකියා අංශයේ රැකියා අව­ස්ථාව ශ්‍රී ලාංකි­ක­යන්ට හිමි­වන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අව­බෝ­ධතා ගිවි­සු­මක් අනුව වන හෙයින් ඊශ්‍රා­ය­ලයේ සාත්තු සේවා රැකියා අංශයේ රැකියා අවස්ථා ලබා ගැනී­මට කිසිම පුද්ග­ල­ය­කුට හෝ ආය­ත­න­ය­කට මුදල් දීමෙන් වළ­කින ලෙස ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටියි.