එළඹෙන මහ මැතිවරණය හේතුවෙන් බස්නාහිර පළාතේ සියලුම ආදායම් බලපත්ර නිකුත් කරන කවුළු දින දෙකක් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ලබන 13 සහ 14 දෙදින එම කවුළු වසා තැබෙනු ඇති.
මහ මැතිවරණයෙන් පසු රාජකාරි අරඹන පළමු දිනයේදී දඩ මුදල් අය කිරීමකින් තොරව අදාළ බලපත්ර ගාස්තුව ගෙවා ආදායම් බලපත්රය ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.