ඕනෑම සමාජයක් ගැටුම්වලට මැදි වන විට පිරිමින් කළ කාර්යයන් කාන්තාවන් විසින් කළ යුතු යැයි නීතියක් පනවා නොතිබුණද, ඉතිහාසය පුරාවටම එවන් අවස්ථාවන්වල කාන්තාවෝ පිරිමියාගේ කටයුතු මෙන්ම ගැහැනිය විසින් ඉටු කළ යුතු යැයි සමාජය විසින් පිළිගෙන තිබූ කටයුතුද නොපැකිළව ඉටු කළහ.
කාන්තාවන් දේශපාලනයට අවතිර්ණ වීමට පෙර ඔවුන් සමාජය තුළ දැවැන්ත කාරයය භාරයක් ඉටු කරමින් සිටියහ. එය අතීතයේදී මෙන්ම වර්තමාන නවීකරණය වූ සමාජ ක්‍රමය තුළද නොවෙනස්ව පවතී. කාන්තාවන් විසින් සමාජයට ඉටු කරන සුරැකුම් කාර්ය භාරයේ ඇති වටිනාකම අගය නොකරන සහ තක්සේරු නොකරන පුරුෂ මුලික සංකල්පය ඉතා ඉහලින් ක්‍රියාත්මක වන සමාජ් ක්‍රමයක් තුළ කාන්තාව දේශපාලනයට අවතීර්ණ නොවන්නේ ඇයිද යන්න ඇසීමද ගැටළුවලින් පිරි සමාජ සහ ආර්ථික ප්‍රශ්න රාශියකට පිළිතරු සෙවීමකි.
කාන්තාවන් දේශපාලන නියෝජනයක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණීම හෝ ඔවුන් සක්‍රිය දේශපාලනයේ යෙදීම අවගමනයක් හෝ වර්ධනයක් වීම කෙරෙහි මුලිකවම බලපාන කරුණු කිහිපයක්ම් ඇත. එය කාන්තා දේශාපාලන ඉතිහාසය තුලද පැහදිලිව ප්‍රදර්ශනය විය. කාන්තාවන්ට සිය හඬ ලෝකයට කියන්නට ඉඩක් ලබා නොදීමට තරම් බට හිර රටවල්ද ඇයට එරෙහි සමාජ මතවාදයක් නිර්මාණය කරගෙන තිබීම එයට මුලික හේතුව විය. එම නිසාම එම සමාජ මතයට සහ පිළිගැනීමට විරුද්ධව 1800 වසරවලදී කාන්තා දේශපාලන නියමුවන් මුළු යුරෝපය පුරාම කාන්තාවන් පිබිදවිම නොනවතින රැල්ලක් ලෙස නිර්මාණය කල අතර එයට සක්‍රියව පන පෙවීමද කළහ.
ඇමෙරිකානු ජනපද පිහුටුවිමේදී කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් වැදී අබිගෙල් ඇඩම්ස් (Abigail Adams – 1744-188) මෙන්ම කාන්තා ඡන්ද අයිතිය වෙනුවෙන් සටන් වැදී සුසන් බි ඇන්තනි (Susan B. Anthony- 1820-1906) සහ එලිසබෙත් කැඩී (Elizebeth Cady-1815-1902)ද කාන්තාවන්ගේ දේශාපාලන නියෝජනය සඳහා සටන් කළහ. ඔවුන් එසේ කළේ සිය දේශපාලන අයිතීන් පිළිබඳව නොදත් සහ උනන්දුවක් නැති කාන්තාවන් දැනුවත් කරමින් පිරිමින්ගේ අවධානය ඒ කෙරෙහි යොමු කරවීම සඳහාය. එම නිසාම ඔවුහු එලිසබෙත් කැඩී ගේ ප්‍රමුඛත්වයෙන් 1848දී සෙනිකා ෆෝල්ස් සම්මුතිය (Seneca Falls Convention-1848)දින දෙකක් තුළදී නිව් යෝක් නුවරදී පවත්වුහ. මෙය ඉතිහාසය තුළ කාන්තාවන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පත්තු කළ පළමු වෙඩිල්ල ලෙස පසු කලකදී බොහෝ විචාරකයන් හඳුන්වන ලදී. එය පුරුෂාධිපත්තිය බලමුළු ගන්වමින් කාන්තාවන්ගේ මානව අයිතීන් පවා නොසලකා හරිමින් සිටි දේශපාලන නායකයන්ගේ ස්ත්‍රී විරෝධී ලෙස මුල් බැස ගෙන තුබූ සමාජ මතවාදය දෙදරා යාමට හේතු විය.
ලෝක කාන්තා දේශපාලන ඉතිහාසය පුරාම දක්නට ඇති විශේෂිත ලක්ෂණය වන්නේ කාන්තාවන් දේශපාලනයට අවතීර්ණ වීම වැළක්වීමේ ප්‍රබලම සාධකය පිරිමින්ගේ පුරුෂාධිපත්‍ය සංකල්පය බව පැහැදිලිය. 1900 වර්ෂය වන විට එංගලන්තයේ කාන්තාවන් සිය ඡන්ද අයිතිය ඉල්ලා කළ යෝජනාවන් එංගලන්ත පාර්ලිමේන්තුව විසින් පහළොස් වතාවක් (15) ප්‍රතික්ෂේප කොට තිබීම එයට කදිම නිදසුනකි. 1867 දී වැඩ කරන පිරිමින්ට ඡන්ද අයිතිය ලබා දීම පිළිබඳව ජෝන් ස්ටුවර්ඩ් මිල්ස් විසින් යෝජනා කලඅතර එය එක එල්ලේම ප්‍රතික්ෂේප විය. ඒ වන විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මුළුමනින්ම සමන්විත වුයේ පිරිමින්ගෙන් පමණි. මේ අනුව අප විසින් පසක් කර ගත යුතු ප්‍රධාන කරුණ වන්නේ කාන්තාවන් සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියද එකී සමාජයේ පිරිමින් කාන්තාවන්ටඇති අයිතිය පිලි ගැනීමට බිය වන තුරු හෝ පසුගාමී වන තුරු කාන්තාවන්ට දෙශාපාලනයේයේදීම පහසු නොවන බවය. එය කාන්තාවන් දේශපාලනයට සක්‍රිය ලෙස සම්න්ධ නොවීමට බලපාන එක සාධකයක් පමණකි.
ඕනෑම සමාජයක් ගැටුම්වලට මැදි වන විට පිරිමින් කළ කාර්යයන් කාන්තාවන් විසින් කළ යුතු යැයි නීතියක් පනවා නොතිබුණද, ඉතිහාසය පුරාවටම එවන් අවස්ථාවන්වල කාන්තාවෝ පිරිමියාගේ කටයුතු මෙන්ම ගැහැනිය විසින් ඉටු කල යුතු යැයි සමාජය විසින් පිළිගෙන තිබූ කටයුතුද නොපැකිළව ඉටු කළහ. පළමු වන ලෝක යුද්ධය ඇරඹි වහාම සියලුම පිරිමින්ට යුද්ධය සඳහා වාර්තා කරන්නට සිදු වූ විට සමාජය තුළ සිදු වුයේ ද මෙවැනිම තත්වයකි. පිරිමින් විසින් කළ යුතු යයි සම්මත කොට පිළිගෙන තුබූ වැඩ කාන්තාවන් විසින් ඉටු කරන ලදී. එම නිසාම කාන්තාවන් විසින් යුද්ධය වෙනුවෙන් කළ සේවය අසම සම යැයි සමාජය තුළ මතයක් ගොඩ නැගෙන්නට විය. මෙම පුළුල් සමාජ මතය අවස්තනුකුලව ප්‍රයෝජනයට ගැනීම නිසා 1928 දී වයස අවුරුදු 21 කට වැඩි සියලුම කාන්තාවන්ට පිරිමින්ට හා සමානව ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබිණ. එමඟින් පැහැදිලිව සනාථ කොට පෙන්වුයේ සමාජ මතවාදය වෙනස් වීම යනු කාන්තාවන්ගේ අයිතීන් සහ දේශපාලනය වැනි කාරණාවලදී ඇයට බාධාවලින් තොරව ඒවාට සක්‍රියව සම්බන්ධ වීමට අවස්ථාවන් ඇති කිරීම පහසු බවයි.
උක්ත පැහැදිලි කිරීම මඟින් අප කියන්නට උත්සහ කරන්නේ කාන්තාවන් දේශපාලනයට සක්‍රිය සම්බන්ධ වීම සහ මහජන නියෝජිතවරියන් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීම දක්වා කොතරම් දුරට කාන්තාවන් පිලිබදව සමාජීය ආකල්ප සහ අවබෝධය බලපෑම් කරනවද යන්නයි. කාන්තාවන් විසින් ද අවබෝධ කර ගත යුතු මුලික කරුණක් වන්නේ සමාජය විසින් යට හිමි අවස්ථාවන් නිර්මානය කර් නොදෙන බවය. එසේ දෙන තුරු ඉතිහාසයේ කාන්ත්වෝ බලා සිටියානම් අදටත් ලෝක කාන්තාවන් ඡන්ද අයිතියද නොලැබී තිබෙන්නට ඉඩ තිබුණි. කෙසේ හෝ යුරෝපයෙන් ඇරඹෙන කාන්තා දෙශාපාලන්යේ පුනරුදය ලෝකයේ වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවටද බලපාන බවට කදිම සාධකය වන්නේ ඇඩ්ලින් මොලමුරේ 1931 දී ඇයගේ පියා වන එච්. ඒ. මීදෙණිය ගේ අභාවයෙන් පසුව (Adeline Molamure-1890-1977) ශ්‍රී ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වීමයි. ඉන් පසු ශ්‍රීමා ආර් බණ්ඩාරනායක ඇයගේ ස්වාමියාගේ ඝාතනයෙන් පසු ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස පත් වන අතර ඇයගේ දියණිය චන්ද්‍රික බණ්ඩාරනායක කුමරන්තුංග ද පසු කාලීනව ශ්‍රී ලංකාවේ ජාධිපතින්ය ලෙස තේරී පත් විය.
අපි නැවතත් අපේ මුක්‍ය මාතෘකාව වෙතට හැරෙමු. ලෝක කාන්තා දේශාපාලනය සමග සසදන විට ලංකාවේ කාන්තාවන්ගේ සක්‍රිය දේශපාලන දායකත්වය ඉතා පහල දර්ශකයක පවතින බව කෙනෙකු තර්ක කරනු ඇත. සන්ඛාත්මකව ගතහොත් අපට ආසන්නම රට වන ඉන්දියවේ පාර්ලිමේන්තු කාන්තා නියෝජනය මේ වන විට 77 කි. එය ප්‍රතිශතයක් ලෙස 14.7% කි. එංගලන්තයේ කාන්තා නියෝජනය් 263කි. එය ප්‍රතිශතයක් ලෙස 32%කි. ශ්‍රී ලංකාවේ 2023 වන විට කාන්තාවෝ 12 කි. එය ප්‍රතිශතයක් ලෙස 5.3%කි. කාන්තා ජනගහනය ගත් කල එංගලන්තයේ 51.0%, ඉන්දියාවේ 48.42% සහ ශ්‍රී ලංකාවේ 51.62%කි. මේ අනුව පැහැදිලි වන්නේ කාන්තා ජනගහනය කවර ඉහල ප්‍රතිශතයක් පෙන්වුවද සක්‍රිය දේශපාලනයට අවතීරණ වන කාන්තාවන්ගේ ප්‍රතිශතය පිරිමින්ට සාපේක්ෂව ආසියානු මෙන්ම බටහිර රටවලද අවම මට්ටමක පවතින බවය. දැන් අප කල්පනා කල යුත්තේ මෙය මෙසේ සිදු වන්නේ කවර හේතුන් නිසාද යන්න සලකා බැලීමයි. අප මෙහිදී විශේෂයෙන් ලංකාවේ කාන්තාවන්ට ආවේනික වන ගැටළු කෙරෙහි අවධානය යොමු කරමු.
1. කාන්තාවන් පිලිබන්ධව සමාජය තුළ ගොඩ නැගී ඇති සම්ප්‍රධායික මතවාදයන් දිගු කාලයක් තිස්සේ වෙනස් නොවී තිබීම. එම නිසාම කාන්තාවන්ට නියමිත වැඩ කොටස් මොනවාද යන්න සමාජය එතෙක් ගොඩ නගා ගෙන පිලි ගෙන තිබු මතයන් වෙනස් කිරීමට කාන්තාවන් මෙනම් පිරිමින්ද දක්වන මන්දගාමී බව. එම නිසාම දරුවන් වැදිම, රැක බලා ගැනීම, වැඩිහිටියන් බලා ගැනීම, ඇතුළු සියලුම සුරැකුම් කාර්යයන් කාන්තා විසින්ම කල යුතු බවට මුල් බස ගෙන ඇති මතයෙන් බැහැරව ක්‍රියා කරන කාන්තාවට එරෙහිව සමාජය තුලින්ම ඍනාත්මක මතයන් සහ විවේචනයක් ඇති වීම.
2. විවස්ථාව මගින් කාන්තා නියෝජනය වැඩි කිරීම සදහා අවශ්‍ය ඉඩ කඩ පුළුල් කිරීම ප්‍රමාණවත් නොවීම.
3. කාන්තාවන් සිය කැමැත්තෙන්ම තමා දේශාපාලනයට සුදුසු නැති බව තීරණය කිරීම. පාසල් අධ්‍යාපනයේ සිටම පුද්ගලයාට ඇති දේශපාලන ස්වාදිනත්වය පිලිබන්ධව කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට ඇති දැනුම ඉතා පහල මට්ටමක් තිබීම හෝ සමහර විට එම දැනුම කිසි සේත්ම නැති වීම.
4. ආර්ථික දිලිදු බවද කාන්තාවන් දේශපාලනය කෙරෙහි සක්‍රියව දායක නොවීමට ඍජු සහ වක්‍ර බලපෑම් කරමින් ඇත.
5. ශ්‍රී ලංකාව තුල වසර ගණනාවක් තිස්සේ ගොඩ නැගුනු දේශපාලන ප්‍රචණ්ඩත්වය කාන්තාවන්ට දේශපාලනයෙන් ඈත්ව සිටීමට බලපෑම් කරන්නට විය.
මේ සියල්ලටම අනුව පැහැදිලි වන්නේ කාන්තාවන්ගේ පාර්ලිමේන්තුවේ නියෝජනයේ ප්‍රතිශතය වැඩි කිරීම සඳහා අවශ්‍ය සාධකවල වර්ධනය ප්‍රමාණවත් මට්ටමිකින් සිදු නොවීම කාන්තා නියෝජනය අවම වීම කෙරෙහි දැඩි බලපැම් කර ඇත. අනෙක් අතින් වඩාත් ප්‍රභල ලෙස බලපාන අනෙක් කරුණ වන්නේ කාන්තාවක් වීම නිසාම සමාජය සමඟ එකතුව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් කෙරෙන අයහපත් ප්‍රචාරණයන් මෙන්ම අවලාද නැගීම, කාන්තාවක් වීම නිසාම ඇගේ චරිතය කේන්ද්‍ර කර ගනිමින් සමාජය තුල දුර්මත පැතිරීම ද කාන්තාවන් දේශපාලනයට සක්‍රියව එන්නට බාධාවක් ලෙස පවතී.
මෙවැනි සඳහන් කළ මෙන්ම් නොකළ හේතු වෙනස් කිරීම සඳහා, සමාජය තුළ කාන්තාවන් පිළිබඳව ගොඩ නගා නඩත්තු කර ගෙන යන මතවාදය වෙනස් කිරීම සඳහා පියවර ගැනීම නවමු කාන්තා අගමැතිනියටද ඇති අභියෝගයකි. සමාජය දැනුමින් පෝෂණය කිරීමත්, ආකල්ප වෙනස් කිරීමත් සහ කාන්තාවන් ස්වාධින වීම සඳහා සවි බල කිරීමත් තුළින් අනාගතයේදී පාර්ලිමේන්තුවේ වැඩි කාන්තා නියෝජනයක් ඇති කර ගැනීමට මඟ සැලසෙනු ඇත.