චන්ද්‍රි­කාගේ ආර­ක්ෂාව අඩු කර නෑ

හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මි­යගේ ආර­ක්ෂාව ඉවත් කිරී­මක් හෝ අඩු කිරී­මක් කර නැති බව ඇමැති මණ්ඩ­ලයේ මාධ්‍ය ප්‍රකා­ශක, ඇමැති විජිත හේරත් මහතා පැවැ­සීය.

හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ගේ ආර­ක්ෂාව ඉවත් කර ඇද්දැයි රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (06) පැවැති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමු­වේදී මාධ්‍ය­වේ­දි­යකු ඇසූ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ගේ ආර­ක්ෂක නිල­ධා­රීන් සහ ඒ අයගේ නඩත්තු කට­යුතු සඳහා රුපි­යල් මිලි­යන 1100ක් පමණ වැය වන බව ඇමැ­ති­ව­රයා කීවේය.

හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ගේ ආර­ක්ෂක නිල­ධා­රීන් නඩත්තු සඳහා විය­දම වස­ර­කට සමස්ත ලංකා­වේම පොලිස් නිල­ධා­රීන්ට බෙහෙත් ගැනී­මට තිබෙන රෝහ­ල­ට­වත් විය­දම් කර නැති බව ඒ මහතා ප්‍රකාශ කළේය. මෙලෙස යන විය­දම ඉහළ බවත් ඒ සඳහා කමි­ටු­වක් පත් කර හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ට සමා­නු­පා­තික ක්‍රම­යට ආර­ක්ෂාව ලබා­දී­මට කට­යුතු කරන බව විජිත හේරත් මහතා පැවැ­සීය.

විශේෂ ආර­ක්ෂා­වක් අවශ්‍ය අයට විශේෂ ආර­ක්ෂා­වක් ලබා­දී­මට කට­යුතු කරන බව ද හෙතෙම කීවේය.

ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැවැ­සීය.

දැනට හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ගේ විශේ­ෂ­යෙන්ම චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක මහ­ත්මිය කියලා තිබුණා එතු­මි­යගේ ආර­ක්ෂාව ඉවත් කර­නවා කියලා. එහෙම ඉවත් කිරී­මක් කරලා නැහැ. එතු­මිය ලිපි­යක් එවලා තිබුණා 30ක් දක්වා අඩු කර­නවා කියලා. ඒක වැර­දියි. එතු­මි­යට දැන­ටත් 57 දෙනකු දීලා තිබෙ­නවා. ගණන් කියන්න අක­මැ­තියි. ඒත් කියල තිබුණු නිසා කියන්නේ. සම­හ­රුන්ට සීය­කට වඩා යොද­වලා තිබෙ­නවා. 180ක් පමණ යොද­වපු අයත් ඉන්නවා. ආර­ක්ෂ­ක­යන් පම­ණක් නෙවෙයි ආර­ක්ෂක රථ, ඩිෆෙ­න්ඩර්, ත්‍රීවීල්, බයික්, ගිලන් රථ පවා ලබා දී තිබෙ­නවා.