ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් පත් කර තිබේ.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මීට වසර 6කට පෙර වෝනර්ට එරෙහිව ජීවිතාන්තය දක්වා නායකත්ව තහනමක් පැනවූ අතර, පසුගිය මස 25 වැනිදා එරට ක්‍රිකට් ආයතනය විසින් එම තහනම ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් පසු සිඩ්නි කණ්ඩායම මේ තීරණය ගෙන තිබේ.
2018 වසරේ පැවති ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේදී පන්දුව පළුදු කිරීමේ සිදුවීමකට වරදකරුවීම හේතුවෙන් එම කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කළ වෝනර්ට වසරක ක්‍රිකට් තහනමක් සහ ජීවිතාන්තය දක්වා නායකත්ව තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.
කෙසේ වෙතත් එම කාලයේදී වෝනර් අයිපීඑල් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් සමඟ බීපීඑල් සහ අයිඑල්ටී තරගාවලිවලදී කණ්ඩායම් මෙහෙයවා තිබේ.
2018 වසරේ නවසීලන්තයට එරෙහිව විස්සයි20 තරගාවලියේදී ජාතික කණ්ඩායම මෙහෙයවූ වෝනර් 2011 වසරේ සිඩ්නි පිලට නායකත්වය දී තිබේ.
මෙවර තරගාවලියේදී වෝනර්ගේ නායකත්වය යටතේ සිඩ්නි පිල දෙසැම්බර් 17 වැනිදා කැන්බරාහිදී ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව පිටියට පිවිසෙයි.