රජයේ ඉලක්ක සපුරා ගැනී­මට රාජ්‍ය සේවය මෙතෙක් කට­යුතු කළ ආකා­රය වෙනස් විය යුතුයි-ශ්‍රී ලංකා පරි­පා­ලන සේවා සංග­මය හමුවේ ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කරයි

රජයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා රාජ්‍ය සේවය මෙතෙක් කට­යුතු කළ ආකා­රය වෙනස් විය යුතු බවත්, ග්‍රාමීය සංව­ර්ධ­නය සඳහා රාජ්‍ය පරි­පා­ලන සේවයේ සහාය අත්‍ය­වශ්‍ය බවත් ශ්‍රී ලංකා පරි­පා­ලන සේවා සංග­මය හමුවේ ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කරයි.

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජන­තා­වගේ දුගී­භා­වය තුරන් කිරීම, ග්‍රාමීය ජන­තා­වගේ ආර්ථි­කය සහ සමා­ජ­යීය තත්ත්වය ඉහළ නැංවීම රජයේ ප්‍රධාන අර­මු­ණක් වන බවද ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සඳ­හන් කළේය.  ශ්‍රී ලංකා පරි­පා­ලන සේවා සංග­මය සමඟ ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී පෙරේදා (05) පස්ව­රුවේ පැවති සාක­ච්ඡා­වේදී ජනා­ධි­ප­ති­ව­රයා මෙම අද­හස් පළ කළේය.

රජයේ එම වැඩ­පි­ළි­වෙළ සාර්ථක කර ගැනීම වෙනු­වෙන් රාජ්‍ය නිල­ධා­රීන්ගේ සහාය අත්‍ය­වශ්‍ය බව එහිදී පැවසූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා, රාජ්‍ය නිල­ධා­රින් සතු අත්දැ­කීම් ඊට මනා පිටි­ව­හ­ලක් වන බව ද පැව­සීය.

රජයේ පර­මා­ර්ථය සහ රාජ්‍ය සේවය ක්‍රියා­ත්මක වන ආකා­රය අතර යම් පර­ත­ර­යක් තිබෙන බවත්, රට සංව­ර්ධ­නය කරා ගෙන යන රජයේ වැඩ­පි­ළි­වෙළ සාක්ෂාත් කර ගැනී­මට නම් රාජ්‍ය පරි­පා­ල­නය මෙතෙක් කට­යුතු කළ ආකා­රය වෙනස් විය යුතු බවත් ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය. රටේ වංචා දූෂණ නතර කිරීම රජයේ ප්‍රමු­ඛ­තම කාර්ය­භා­ර­යක් වන බවත්, වංචා සහ දූෂණ හේතු­වෙන් රටේ ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරී­මට මෙන්ම අව­සන් කිරී­මට නොහැකි වී ඇති බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙහිදී සඳ­හන් කළේය.

එසේම රාජ්‍ය සේව­යට දේශ­පා­ලන අධි­කා­රිය වශ­යෙන් කිසිදු අත පෙවී­මක් සිදු නොක­රන බවත්, රාජ්‍ය නිල­ධා­රීන්ට ස්වාධී­නව කට­යුතු කිරී­මට අව­ස්ථාව සලසා දී තිබෙන බවත් ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.  රටේ ප්‍රාදේ­ශීය සංව­ර්ධ­නය වෙනු­වෙන් රාජ්‍ය නිල­ධා­රීන්ට සුවි­ශේෂී කාර්ය­භා­ර­යක් පැවරී තිබෙන බව පැවසූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා, ජනතා සේවා­වන් කප්පාදු කිරී­ම­කින් තොරව රාජ්‍ය සේවය සඳහා කරන අන­වශ්‍ය විය­දම් අවම කර ගත යුතු බවද මෙහිදී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා පරි­පා­ලන සේවා සංග­මයේ සභා­පති මහේෂ් ගම්ම­න්පිල, ලේකම් ජය­වීර ප්‍රනාන්දු මහ­ත්ව­රුන් ඇතුළු කමිටු සාමා­ජි­ක­යන් පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.