චීනෙන් නිවාස 1996ක්

ශ්‍රී ලංකාවේ අඩු ආදා­ය­ම්ලා­භීන් වෙනු­වෙන් නිවාස 1996ක් ප්‍රදා­න­යක් ලෙස ලබා දීමට චීන රජය එක­ඟ­තාව පළ කර තිබේ.

අදි­යර තුනක් යටතේ මෙම නිවාස ලබා­ දීම සිදු කරනු ලබන අතර පළමු අදි­යර යටතේ මොර­ටුවේ නිවාස 575ක්, කොට්ටාවේ නිවාස 108ක්, දෙවැනි අදි­යර යටතේ දෙම­ට­ගොඩ නිවාස 586ක්, මහ­ර­ගම නිවාස 112ක් හා තුන්වන අදි­යර යටතේ පෑලි­ය­ගොඩ නිවාස 615ක් ඉදි­කි­රී­මට නිය­මි­තව ඇත.

එම ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කිරීම සඳහා චීන රජය මඟින් නම් කර ඇති ලංසු­ක­රු­වන් 08 දෙනකු වෙතින් ලංසු කැඳවා තිබේ. එම ලංසු ඇගැ­යී­මෙන් පසුව තාක්ෂ­ණික ඇගැ­යීම් කමි­ටුව සහ ඇමැති මණ්ඩ­ලය මඟින් පත් කරන ලද ස්ථාවර ප්‍රස­ම්පා­දන කමි­ටුව විසින් ඉදි­රි­පත් කරන ලද නිර්දේශ මත පද­නම්ව පහත සඳ­හන් පරිදි කොන්ත්‍රාත්තු ප්‍රදා­නය කිරී­මට ග්‍රාමීය හා නාග­රික සංව­ර්ධන, නිවාස සහ ඉදි­කි­රීම් ඇමැති විජිත හේරත් මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

ඒ අනුව පළමු අදි­යරේ ඉදි­කි­රීම සඳහා වන කොන්ත්‍රා­ත්තුව M/s China Railway 25th Bureau Group Co. Ltd වෙත ප්‍රදා­නය කිරී­ම­ටත් දෙවැනි අදි­යරේ ඉදි­කි­රීම සඳහා වන කොන්ත්‍රා­ත්තුව M/s China Harbor Engineering Company Ltd වෙත ප්‍රදා­නය කිරී­ම­ටත් තෙවැනි අදි­යරේ ඉදි­කි­රීම සඳහා වන කොන්ත්‍රා­ත්තුව M/s Shanxi Construction Investment Group Co. Ltd වෙත ප්‍රදා­නය කිරී­ම­ටත් අනු­මැ­තිය හිමිව තිබේ. මේවා තට්ටු නිවාස වන අතර ඒ සඳහා ඉඩම් වෙන් කර­ගෙන තිබෙන බවත් චීන සමා­ගම් මඟින් මෙහි ඉදි­කි­රීම් කට­යුතු සිදු­වන බවත් ඇමැති විජිත හේරත් මහතා කැබි­නට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමු­වේදී පැවැ­සීය.