අගමැති කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර එහි සේවය කළ වෛද්‍ය නිලධාරීන් සහ සේවක පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යළි යොමු කිරීමට පියවර ගෙන තිබේ. අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත ඊට අදාළ ලිපි ලේඛන සහ යතුරු භාර දීම අගමැති කාර්යාලයේදී පෙරේදා (05) සිදු කරන ලදි.
ඊට අමතරව එම ඒකකයේ තිබූ සෞඛ්‍ය උපකරණ, ඖෂධ සහ ගිලන් රථ දෙක යළි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීම ද සිදු කෙරිණි.