වසර 6කට පසු වෝනර් නාය­කත්වයට

ඔස්ට්‍රේ­ලි­යානු බිග්බෑෂ් ලීග් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කරන සිඩ්නි තන්ඩර්ස් කණ්ඩා­යමේ නව නාය­කයා ලෙස ඔස්ට්‍රේ­ලි­යානු හිටපු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් පත් කර තිබේ.

ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් ආය­ත­නය මීට වසර 6කට පෙර වෝනර්ට එරෙ­හිව ජීවි­තා­න්තය දක්වා නාය­කත්ව තහ­න­මක් පැනවූ අතර, පසු­ගිය මස 25 වැනිදා එරට ක්‍රිකට් ආය­ත­නය විසින් එම තහ­නම ඉවත් කිරී­මට කට­යුතු කිරී­මෙන් පසු සිඩ්නි කණ්ඩා­යම මේ තීර­ණය ගෙන තිබේ.

2018 වසරේ පැවති ඔස්ට්‍රේ­ලි­යානු කණ්ඩා­යමේ දකුණු අප්‍රි­කානු සංචා­ර­යේදී පන්දුව පළුදු කිරීමේ සිදු­වී­ම­කට වර­ද­ක­රු­වීම හේතු­වෙන් එම කණ්ඩා­යමේ උප­නා­ය­කයා ලෙස කට­යුතු කළ වෝනර්ට වස­රක ක්‍රිකට් තහ­න­මක් සහ ජීවි­තා­න්තය දක්වා නාය­කත්ව තහ­න­මක් පැන­වී­මට ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් ආය­ත­නය කට­යුතු කළේය.

කෙසේ වෙතත් එම කාල­යේදී වෝනර් අයි­පී­එල් තර­ගා­ව­ලියේ සන්ර­යි­සස් හයි­ද්‍රා­බාද් සහ දිල්ලි කැපි­ටල්ස් කණ්ඩා­යම් සමඟ බීපී­එල් සහ අයි­එල්ටී තර­ගා­ව­ලි­ව­ලදී කණ්ඩා­යම් මෙහෙ­යවා තිබේ.

2018 වසරේ නව­සී­ල­න්ත­යට එරෙ­හිව විස්සයි20 තර­ගා­ව­ලි­යේදී ජාතික කණ්ඩා­යම මෙහෙ­යවූ වෝනර් 2011 වසරේ සිඩ්නි පිලට නාය­ක­ත්වය දී තිබේ.

මෙවර තර­ගා­ව­ලි­යේදී වෝනර්ගේ නාය­ක­ත්වය යටතේ සිඩ්නි පිල දෙසැ­ම්බර් 17 වැනිදා කැන්බ­රා­හිදී ඇඩි­ලේඩ් ස්ට්‍රයි­කර්ස් පිලට එරෙ­හිව පිටි­යට පිවි­සෙයි.