මුංඇට වගාවේ අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අර්බුදයකට ලක්ව සිටි කිරිඳිඔය ව්‍යාපාරයේ ගොවීන්ගේ මුංඇට මිල දී ගැනීමට සතොස ආයතනය ඉදිරිපත් වී තිබේ.
ඒ අනුව මුංඇට කිලෝවක් රුපියල් 488ක මිලකට මිල දී ගැනීමේ පළමු පියවර පෙරේදා (05) වීරවිල සතොස ගබඩා සංකීර්ණයේදී සිදු කෙරිණි.
යල කන්නයෙන් පසුව අතුරු කන්නයක් ලෙස ගොයම් කපා අවසන් කළ ඉපනැල්ලේ ආරම්භ කරන ලද මුංඇට වගාවේ නිෂ්පාදන වියදමවත් පියවාගත නොහැකිව ගොවීහු පසුගිය දිනවල දැඩිව අසීරුවට පත්ව සිටියහ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරිඳිඔය ව්‍යාපාරය, සූරියවැව, අම්බලන්තොට යන ප්‍රදේශවල අතුරු කන්නයක් ලෙස හෙක්ටයාර 8250ක පමණ මුං ඇට වගාව සිදු කර ඇති අතර මෙට්‍රික් ටොන් 8000ක පමණ අස්වැන්නක් ලබාගෙන ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
මෙසේ ගොවීන්ගේ නිවෙස්වල ගබඩා කර තිබෙන මුං ඇට කිලෝවක් රුපිය්ල 250 සහ 300 අතර මිල ගණන් යටතේ පෞද්ගලික වෙළෙඳුන් මිල දී ගැනීමෙන් ගොවීන්ගේ නිෂ්පාදන වියදමවත් නොලැබෙන හෙයින් රජය මැදිහත්වී තම නිෂ්පාදන මිල දී ගන්නා ලෙස ගොවීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා සමඟ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස සතොස ආයතනය මඟින් ගොවීන්ගේ මුං ඇට මිල දී ගැනීම, සතොස ආයතනයේ සභාපති ආචාර්ය සවිත පෙරේරා මහතාගේ සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.