පසිඳු සහ නුව­නිඳුගේ නාය­ක­ත්වයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල අද පාකි­ස්තා­න­යට

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩා­යම අද (7) පාකි­ස්තාන තරග සංචා­රය සඳහා පිටත්ව යෑමට නිය­මි­තය.

මේ සංචා­ර­යේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල නිල නොවන සිව්දින ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග 3ක් ක්‍රීඩා කිරී­මට නිය­මිත අතර, මේ තර­ගා­වලි දෙක සඳහා වෙන වෙනම නාය­ක­යන් පත් කිරී­මට තේරීම් කමි­ටුව කට­යුතු කර තිබේ.

ඒ අනුව පසිඳු සූරි­ය­බ­ණ්ඩාර සිව්දින කණ්ඩා­යම මෙහෙ­ය­වන අතර, එක්දින කණ්ඩා­යමේ නාය­කයා ලෙස නුව­නිඳු ප්‍රනාන්දු පත් කර තිබේ.

මින් පෙර පැවති ‘ඒ’ කණ්ඩා­යමේ දකුණු අප්‍රි­කානු සංචා­ර­යේදී සිව්දින සහ එක්දින කණ්ඩා­යම් ද්විත්ව­යේම නාය­ක­ත්වය පසිඳු සූරි­ය­බ­ණ්ඩා­රට පැවරී තිබූ අතර, ආසි­යානු නැඟී එන කණ්ඩා­යම් තර­ගා­ව­ලි­යේදී නුව­නිඳු ශ්‍රී ලංකා පිලට නාය­ක­ත්වය දුන්නේය. කෙසේ වෙතත් ඔහුට සිව්දින සංචි­තයේ ස්ථාන­යක් හිමිව නැති අතර, පසිඳු සංචිත ද්විත්ව­ය­ටම ඇතු­ළත්ව සිටී.

කණ්ඩා­යම් දෙක­ටම ක්‍රීඩ­ක­යන් 15 දෙනකු බැගින් ඇතු­ළත්ව ඇති අතර, පවන් රත්නා­යක, සොනාල් දිනූෂ, දිනුර කලු­ප­හන, අහන් වික්‍ර­ම­සිංහ සහ වනුජ සහන් ද සංචිත ද්විත්ව­ය­ටම ඇතු­ළත්ව සිටිති.

දකුණු අප්‍රි­කානු සංචා­ර­යට එක් නොවූ නිපුන් ධනං­ජය, පුලිඳු පෙරේරා, විශ්ව ප්‍රනාන්දු, නිසල තාරක, අශේන් ඩැනි­යෙල් මේ සංචා­ර­යට එක්ව සිටිති. එම සංචා­ර­යට එක් වූ ඒෂාන් මාලිංග සහ ළහිරු උදාර එක්දින සංචි­ත­යට පම­ණක් නම් කර ඇති අතර, නිපුන් රන්සික එක්දින තරග සඳහා කැඳවා ඇත.

මේ සංචා­රයේ සියලු තරග ඉස්ලා­මා­බා­ද්හිදී පැවැ­ත්වෙන අතර, සිව්දින තරග දෙක මේ මස 11 සහ 18 වැනිදා ආර­ම්භ­වී­මට නිය­මි­තය. එක්දින තරග 3 මේ මස 25, 27 සහ 29 දින­වල පැවැත්වේ.

සිව්දින සංචි­තය: පසිඳු සූරි­ය­බ­ණ්ඩාර (නායක), නිපුන් ධනං­ජය, ඕෂධ ප්‍රනාන්දු, පුළිඳු පෙරේරා, පවන් රත්නා­යක, සොනාල් දිනූෂ, අහන් වික්‍ර­ම­සිංහ, විශාද් රන්දික, වනුජ සහන්, විශ්ව ප්‍රනාන්දු, ඉසිත විජේ­සු­න්දර, චාමික ගුණ­සේ­කර, නිසල තාරක, අෂේ­යින් ඩැනි­යල්, දිනුර කලු­ප­හන.

එක්දින සංචි­තය: නුව­නිඳු ප්‍රනාන්දු (නායක), ළහිරු උදාර, කමිල් මිශාර, පසිඳූ සූරි­ය­බ­ණ්ඩාර, පවන් රත්නා­යක, සහන් ආර­ච්චිගේ, අහන් වික්‍ර­ම­සිංහ, සොනාල් දිනූෂ, දිනුර කලු­ප­හන, දුෂාන් හේමන්ත, කවිඳු නදී­ෂාන්, වනුජ සහන්, එෂාන් මාලිංග, ඩිල්ෂාන් මදු­ශංක, නිපුන් රංසික.