ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වතා­ව­ටත් අමෙ­රි­කාවේ බලය අල්ලයි

ලොවම බලා සිටි අමෙ­රි­කාවේ ජනා­ධි­ප­ති­ව­ර­ණය නිමා­වට පත්වූයේ 78 හැවි­රිදි ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වතා­ව­ටත් ජනා­ධි­පති ධුර­යට පත් කර­මිනි. මීට පෙර 2016 දී අමෙ­රි­කාවේ 45 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පළමු වතා­වට ධවල මන්දි­ර­යට ගිය මේ රිප­බ්ලි­කානු අපේ­ක්ෂකයා මෙවර ධවල මන්දි­ර­යට යන්නේ 47 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස­ටය. ඔහු හමුවේ පරා­ජ­යට පත්වූයේ 60 හැවි­රිදි කමලා හැරිස් ය. ඇය වත්මන් ජනා­ධි­පති ජෝ බයිඩ්න්ගේ උප­ජ­නා­ධි­ප­ති­ව­රිය වූවාය. මිලි­යන 160කට අධික ඡන්ද­දා­ය­ක­යන් ප්‍රමා­ණ­යක් සිය ඡන්දය භාවිත කළ ද, ජන­පති හා උප­ජ­න­පති තෝරා­ගනු ලබන්නේ එක් එක් ප්‍රාන්ත­වල ස්ථාපිත කර ඇති සමස්ත නියෝ­ජි­ත­යන් 538 දෙන­කු­ගෙන් සම­න්විත Electoral College ක්‍රම­වේ­ද­යෙන් බැවින් ජන­පතිවීමට ලබා­ගත යුතු මුළු ඡන්ද ප්‍රමා­ණය ඉන් 270ක් පමණි. ඡන්ද ප්‍රති­ඵල ප්‍රකා­ශ­යට පත් වීමේ අන්තිම මොහොත වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් එම Electoral College ඡන්ද 279ක්ම ලබා සිටි අතර, කම­ලාට ලැබි තිබුණේ ඡන්ද 223ක් පමණි. ඒ වෙද්දී තවත් ප්‍රාන්ත 4ක ඡන්ද ප්‍රකා­ශ­යට පත් කිරී­මට ඉති­රිව තිබිණි. ඒ වෙද්දී ට්‍රම්ප් ඡන්ද මිලි­යන 71කුත්, කමලා හැරිස් ඡන්ද මිලි­යන 66කුත් ලබා සිටි­යහ.

ඉන්දි­යාවේ තමි­ල්නාඩු සම්භ­ව­යක් ඇති කමලා හැරිස් ජනා­ධි­පති වූයේ නම් ඇය එම ධුර­යට පත්වූ පළමු කාන්තාව ලෙස ඉති­හා­ස­ගතවීමට ඉඩ තිබිණි. ඊට පෙර ඒ සිහි­නය දකි­මින් සිටියේ කම­ලා­ගේම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායි­කා­වක වූ හිලරි ක්ලින්ටන්ය. 2016 වසරේ ට්‍රම්ප්ගේ ප්‍රති­වා­දි­නිය වූයේ හිලරි ය. ට්‍රම්ප් ජන­පති සටන ජය­ගත් දෙව­තා­වේ­දීම ඔහුගේ ප්‍රති­වාදී අපේ­ක්ෂ­කයෝ කාන්තා­වන්වීම විශේ­ෂ­ත්ව­යකි. එමෙන්ම ඒ දෙව­තා­වේ­දීම සටන ජය ගැනී­මට ට්‍රම්ප් සම­ත්වී­මත් විශේ­ෂ­ත්ව­යකි.

රිප­බ්ලි­කන් අපේ­ක්ෂ­ක­යන් ට්‍රම්ප්ගේ ජය­ග්‍ර­හ­ණය සම­ර­න්නට වූයේ ඡන්ද විම­සීම නිමා­වට පත්වූ පෙරේදා රාත්‍රියේ සිට­මය. ඒ වන විට ට්‍රම්ප් සහ කමලා දෙදෙ­නාම කරට කර තරග කර­මින් සිටි­යත් මැති­ව­රණ ප්‍රචා­රක රැලි ආරම්භ වූදා පටන් ට්‍රම්ප්ගේ ‘පොසි­ටිව්’ හැසි­රීම හා කතා­බහ කම­ලාගේ ‘මැඩම් ප්‍රසි­ඩන්ට්’ වීමේ සිහි­නය එහෙම පිටින්ම කුඩු­ප­ට්ටම් කිරී­මට ප්‍රබල සාධ­ක­යක් විය.

2020 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ජෝ බයිඩ්න් හමුවේ පරා­ජ­යට පත්වී­මෙන් පසු පෙරේදා පැවති ඡන්ද විම­සීම දක්වා අප­කී­ර්ති­යට, නින්දා­වට හා ගර්භා­වට ආදි වශ­යෙන් නොයෙ­කුත් හැල­හැ­ප්පීම් කන්ද­රා­ව­කට මුහුණ දුන් මේ විස්මිත මිනිසා ඒ සියල්ල හමුවේ නැඟී සිටීම එක අත­කින් ඔහුගේ දිරි­ය­ස­ම්ප­න්න­භා­ව­යට නිද­සු­නකි. ලිංගික අත­වර චෝදනා කෙසේ වෙතත් අප­රාධ චෝදනා එල්ල වූ පළමු අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා ද ඔහු විය.

දරු­ව­න්ටත් දරු­වන් සිටින මහලු වියේ පසු­වූ­වද ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කාන්තා­වන් අර­බයා පැතිරී ගිය ගොසි­ප්ව­ලට ඇත්තේ සෑහෙන දීර්ඝ ඉති­හා­ස­යකි. ඔහු පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පරා­ජ­යට පත්වී වැඩි කාල­යක් යෑමට පෙර එල්ල වූ අප­කී­ර්ති­මත් චෝද­නාව වූයේ නිල් චිත්‍ර­පට නිළි­යක හා නිදි වැදීම හා එය රහ­සක් වශ­යෙන් තබා ගැනී­මට ඇයට විශාල මුද­ලක් ගෙවී­මය. ඔහු වර­ද­කරු වූයේ එම මුදල සිය ව්‍යාපා­රයේ ගිණු­මෙන් සැඟ­වී­මෙනි. ආදා­යම් බදු වංචා­ව­කට පම­ණක් නොව 2020 ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පරා­ජ­යෙන් පසු එහි නිල නිවේ­ද­නය නිකුත් කිරී­මට නිය­මි­තව තිබූ ජන­වාරි 6 වැනිදා සිය හිත­වා­දීන් රොත්තක් රැගෙන අග­නු­වර කැරැ­ල්ලක් ඇති කිරී­මට කුම­න්ත්‍ර­ණය කිරී­මෙන් තවත් චෝද­නා­වකි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූයේ ද උසාවි ගාණේ රස්ති­යාදු ගස­මින් කාර්ය­බ­හු­ලව සිටි­ය­දී­මය. ඒ සියල්ල මැද පෙන්සි­ල්වේ­නි­යාවේ මැති­ව­රණ ප්‍රචා­රක රැස්වී­මක් අත­ර­තුර ඔහු වෙඩි පහ­ර­කින් ජීවි­තය බේරා ගත්තේ අන්තිම නූලෙනි. මේ ජය­ග්‍ර­හ­ණ­යට ඒ සියලු බාධක හා අභි­යෝග වෙස්ව­ළා­ගත් ආශී­ර්වා­ද­යක් බව ඔහුට සිතෙ­න්නට ඇත.

එහෙත් කමලා හැරිස්ට නම් කුමක් සිතු­ණේ­දැයි තවම වාර්තා වි නැත. මැති­ව­ර­ණය පැවැති දිනයේ රාත්‍රි­යේදි සුපු­රුදු ලෙස ‘පාටි’ දැමීම සාමාන්‍ය දසු­නක් වුවත්, රාත්‍රිය වෙද්දී එන්න එන්නම ට්‍රම්ප්ගේ වාසි­යට ප්‍රති­ඵල නිකුත්වීම නිසා ඇය ඒ ‘පාටිය’ අව­ලංගු කළ බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. 2016 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ හිලරි ක්ලින්ටන් ද එවැ­නිම ‘පාටි­යක්’ පැවත්වූ අතර, අලු­යම් කාල­යේදී කෙටි නින්ද­කට වැටුණේ එරට පළමු ජනා­ධි­ප­ති­නිය ලෙස ඇහැ­රීමේ බලා­පො­රො­ත්තුව ඇති­වය. කමලා හැරිස්ට ද එසේ වන්නට ඇත.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ට්‍රම්ප්ගේ මෙන්ම කම­ලාගේ ද දැඩි අව­ධා­නය යොමු­වූයේ රිප­බ්ලි­කන් සහ ඩිමො­ක්‍ර­ටික් පක්ෂ අතර වරින් වර දෝල­නය වන පාවෙන ඡන්ද ඇති ප්‍රාන්ත 7 වෙත­ටය. ඒවා සැල­කෙන්නේ යුද­පිටි හැටි­ය­ටය. ඇරි­සෝනා, ජෝර්ජියා, මිචි­ගන්, නෙවාඩා, උතුරු කැරො­ලිනා, පෙන්සි­ල්වේ­නියා සහ විස්කො­න්සින් ඕනෑම ඡන්ද­ය­කදී මේ දෙපා­ර්ශ්ව­ය­ටම තීර­ණා­ත්ම­කය. මැති­ව­රණ ප්‍රචා­රක කට­යු­තු­ව­ලදී වැඩි බරක් යොදන්නේ ද එම ප්‍රාන්ත­ව­ල­ටය. කෙසේ වෙතත් මේ ප්‍රාන්ත අතු­රින් විස්කො­න්සින්, උතුරු කැරො­ලිනා, ජෝර්ජියා හා පෙන්සි­ල්වේ­නියා ප්‍රාන්ත හත­රේම ජය­ග්‍ර­හ­ණය අත්කර ගැනී­මට ඩොනල්ඩ් ට්‍රම්ප් සම­ත්වීම ජන­ප­ති­වී­මට බලපෑ තවත් සාධ­ක­යකි.

ජන­ප­ති­වීමේ පූර්ණ විශ්වා­ස­ය­කින් මුල සිටම සිටි ට්‍රම්ප් සිය ජය­ග්‍රාහී දේශ­නය සිදු කළේ මැති­ව­රණ ප්‍රති­ඵල නිමා­ව­ටත් පෙරය. අමෙ­රි­කා­වට යළි වස­න්තය උදාවූ බව ඔහු කියද්දී ඔහුගේ පාක්ෂි­ක­යන් ඔල්ව­ර­සන් දුන් බවත්, කව­දත් එවැනි ඔල්ව­ර­ස­න්ව­ලින් උද්දා­ම­යට පත්වන  ට්‍රම්ප් සිය තුන්වැනි බිරිය මෙල­නියා සමඟ ජන­ප­ති­ ධු­රය අතැ­තිව වසර 4කට පසු පළ­මු­ව­තා­වට ප්‍රසි­ද්ධියේ පෙනී සිටි­යේය. එම ජය­ග්‍රාහී දේශ­නය අත­ර­තුර ඔහු ලොව ලොකුම ධන­වතා ඉලෝන් මස්ක්ට නොසෑ­හෙන්න ස්තුති කළේ ඔහු වෙනු­වෙන් පෙනී සිටීම නිසාය. අන­තු­රුව ඔහුගේ උප­ජ­නා­ධි­පති හැටි­යට පත්වී­මට නිය­මිත ජේ.ඩී. වැන්ස්ට සහ කෙනඩි පවුලේ සාමා­ජි­ක­යකු වන රොබර්ට් එෆ්. කෙන­ඩි­ටත් තුති පළ කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජය­ග්‍ර­හ­ණය හෝ ඔහු ජන­ප­ති­ ධු­ර­යට පත්වීම හෝ වසර 4කට පසු නැවත රිප­බ්ලි­කන් පක්ෂ­යට පාර්ලි­මේ­න්තුවේ බලය ලැබීම නිල වශ­යෙන් ප්‍රකා­ශ­යට පත්වී­මට පෙර තවත් පිය­වර රැසක් ඉති­රිව තිබේ. සියලු ප්‍රාන්ත­වල ඡන්ද ගණ­නය කිරී­මෙන් පසු ඉදිරි දින කිහි­පය වෙන් වන්නේ එම ඡන්ද ප්‍රති­ඵ­ල­වල නිවැ­රැ­දි­භා­වය සහ­තික කිරීම සඳහා ය. ඊළ­ඟට දෙසැ­ම්බර් 17 වැනිදා සියලු ප්‍රාන්ත­වල Electoral College ඡන්ද තහ­වුරු කර ගැනීම සහ සහ­තික කිරීම සඳහා ඡන්ද විම­සී­මක්  ද, ලබන වසරේ ජන­වාරි 6 වැනිදා එම ඡන්ද ප්‍රති­ඵ­ලය නිල වශ­යෙන් ප්‍රකා­ශ­යට පත් කිරිම ද සිදු වීමට නිය­මි­තය.  ජන­පති කවු­රු­න්දැයි නිල නිවේ­ද­නය සිදු කරනු ලබන්නේ එම ඡන්ද විම­සීමේ ප්‍රධා­නියා ලෙස කට­යුතු කරන ලබන සෙනෙට් සභාවේ සභා­පති විසිනි. සාමා­න්‍ය­යෙන් අමෙ­රි­කානු සෙනෙට් සභාවේ මුල්පු­ටුව හොබ­වනු ලබන්නේ එරට වත්මන් උප ජනා­ධි­ප­ති­ව­රයා විසින් වන අතර, මෙවර එම අව­ස්ථාව උදා වී ඇත්තේ ඩිමො­ක්‍ර­ටික් පක්ෂයේ පරා­ජිත අපේ­ක්ෂිකා කමලා හැරි­ස්ටය. එය ද ඉති­හා­ස­ගත වන අව­ස්ථා­වක් වනු ඇත. මීට පෙර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී පරා­ජ­යට පත්වූ දෙදෙ­නකු එලෙස සිය ප්‍රති­වා­දි­යාගේ ජය­ග්‍ර­හ­ණය නිවේ­ද­නය කර තිබිණි. උප ජනා­ධි­ප­ති­ව­රුන් ලෙස කට­යුතු කළ රිචඩ් නික්සන්ට සහ අල් ගොර්ට පිළි­වෙ­ළින් 1961දී සහ 2001දී සහ 2001දී නව ජනා­ධි­ප­ති­ව­රයා ලෙස නිවේ­ද­නය කිරී­මට සිදු­වූයේ එවර ඔවුන්ගේ ප්‍රති­වා­දීන් වූ ජෝන් එෆ්. කෙන­ඩිගේ නම සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ නම් ය. දැන් කමලා හැරිස් එම වාර්තාවේ තුන්වැ­න්නිය වීමට නිය­මි­තය. ඇගේ කාර්යභාරය වන්නේ ජනා­ධි­ප­ති­ව­රයා නිල වශ­යෙන් නිවේ­ද­නය කිරීම පම­ණක් නොව ඒ සඳහා විරෝ­ධතා තිබේ­දැයි විම­සී­මය. ඒ අභි­යෝ­ග­යත් ජය­ ගැ­නී­මට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වන්නේ  නම් ලබන වසරේ ජන­වාරි 20 වැනිදා ඔහු මීළග වසර 4 සඳහා අමෙ­රි­කාවේ ජන­පති ධුරයේ දිවුරුම් දෙනු ඇත.

එය වාර්තා පිට වාර්තා තබන දිවුරුම්දීමක් වනු ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තා­පො­තට එක්වන්නේ අමෙ­රි­කාවේ ජන­ප­ති­ ධු­ර­යට පත්වූ වය­ස්ග­තම පුද්ග­ලයා හැටි­ය­ටය. අද වන විට ඔහුගේ වයස අවු­රුදු 78කුත්, දින 146කි. මීට පෙර එම වාර්තාව හිමි­වූයේ ජෝ බයි­ඩ්න්ටය. ඔහු 2020 ජන­පති වෙද්දී අවු­රුදු 78කුත්, දින  61කි. එප­ම­ණක් නොව‍ ­ව­සර 132කට පසු අඛණ්ඩ නොවන අවස්ථා දෙක­කදී අමෙ­රි­කාවේ ජන­ප­ති­ ධු­ර­යට පත්වූ පළමු පුද්ග­ලයා ද ට්‍රම්ප් ය. ඊට පෙර 1885 සිට 1889 දක්වාත්, 1893 සිට 1897 දක්වාත් අඛණ්ඩ නොවන අවස්ථා දෙක­කදී අමෙ­රි­කාවේ ජන­ප­ති­ ධු­ර­යට පත්වූ එකම පුද්ග­ලයා ග්‍රෝවර් ක්ලෙවෙ­ලන්ඩ් ය.  කව­දත් පුවත් මව­න්නකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජන­පතිවීම ඔහුගේ ආද­ර­ණීය බිරිය මෙල­නියා සහ වැඩිම රාජ­කාරි ගොන්නක් පැවරි තිබූ දිය­ණිය ඉව­න්කාට යළි වැඩ වැඩි වීමේ කාල­යක් වනු ඇත.

කමලා හැරිස් හා ආධාරකරුවෝ පරාජයේ වේදනාවෙන්

කමලා හැරිස් හා ආධාරකරුවෝ පරාජයේ වේදනාවෙන්

 ආධාරකරුවෝ පරාජයේ වේදනාවෙන්

ආධාරකරුවෝ පරාජයේ වේදනාවෙන්

 ආධාරකරුවෝ පරාජයේ වේදනාවෙන්