හොංකොං සික්සස් ක්රිකට් තරගාවලිය වසර 17 කට පසුව ජයග්රහණය කළ ශ්රී ලංකා කණ්ඩායම ඊයේ අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.
අවසාන මහා තරගයේ දී පකිස්තානු කණ්ඩායම පරාජයට පත් කරමින් මේ ජයග්රහණය හිමිකර ගැනීම සතුටට කරුණක් බව ශ්රී ලංකා කණ්ඩායමේ නායක ළහිරු මදුෂංක ගුවන්තොටුපොළේ දී පැවැසීය. ජයග්රාහී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.