බැංකු ක්ෂේත්රයේ වසර 30කට අධික පළපුරුද්දක් ඇති බැංකුකරුවකු වන කාවින්ද ද සොයිසා මහතා ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ. Citybank N.A., Sri Lankaහි අධ්යක්ෂවරයකු සහ මෙරට ව්‍යාපාර ප්‍රධානියා ලෙස කටයුතු කළ සොයිසා මහතා, Citigroup හි දශක දෙකකට ආසන්න කාලයක් සේවය කරමින් ආයතනික හා ආයෝජන බැංකුකරණය, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ උපදේශනය යන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ මනා පළපුරුද්දක් ලබා ඇත. ඒ මහතා දශකයකට වැඩි කාලයක සිට මෙරට කළමනාකරණ සහ බලයලත් පාලන කමිටු සියල්ලකම ප්‍රධාන සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි. මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදිසිසුවකු වන ද සොයිසා මහතා, කොළඹ විශ්වවිද්‍යාලයෙන් MBA උපාධිය ලබා ඇති අතර, එහිදී ස්වර්ණ මුද්රිකාලාභියකු ලෙස සිය විශිෂ්ටත්වය ප්‍රකට කිරීමට සමත් විය.
වයස අවුරුදු 18දී බැංකු සහකරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ද සොයිසා මහතා, Citigroup හා සම්බන්ධ වීමට පෙර NDB බැංකුව, Nations Trust බැංකුව සහ සෙලාන් බැංකුව යන ආයතනවල සේවය කර ඇත.
ද සොයිසා මහතා එක්සත් රාජධානියේ කළමනාකරණ වරලත් ගණකාධිකාරී ආයතනයේ (CIMA) , ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ (IBSL), ශ්‍රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CMA) සහ මහා බ්‍රිතාන්‍යයේ වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) ආශ්රිත සාමාජිකයකු ලෙස මෙන්ම වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරයකු (CGMA) ලෙස කටයුතු කරයි.
ඊට අමතරව එක්සත් රාජධානියේ CIMA හි ගෝලීය කවුන්සිල සාමාජිකයකු ලෙසත් ජාත්‍යන්තර සහතික ලත් වෘත්තීය ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ (AICPA) MESANA කලාපයේ සභාපතිවරයා ලෙසත් සේවය කර ඇත. සොයිසා මහතා, 2011 වසරේ සිට CIMA ගෝලීය සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.