මෙවර මහමැතිවරණය සඳහා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ලෙස තරග වදින එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අත්තනගල්ල ශ්‍රී අරහන්ත රජමහා විහාරාධිපති සීනාදි සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්දාභිධාන නාහිමිපාණන් වහන්සේ පසුගියදා (02) හමුවී උන්වහන්සේගේ ආශීර්වාදය ලබා ගත්තේය.
මෙහිදී නාහිමියන් හමුවේ ඒ මහතා සඳහන් කළේ විපක්ෂයේ කාර්යභාරය පාර්ලිමේන්තුව තුළ ඉටු කිරීමට පළපුරුදු, අත්දැකීම් ඇති මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට තේරී පත් විය යුතු බවට තමා විශ්වාස කරන බවයි. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම මැතිවරණයට තරඟ නොකළත් මහමැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා තම කණ්ඩායමට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දෙන බව ද පැවසූ විජයවර්ධන මහතා මහ මැතිවරණයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි ද සඳහන් කළේය.
මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී හා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කිත්සිරි මංචනායක මහතා ඇතුළු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට සහය දක්වන පාක්ෂිකයෝ පිරිසක් සහභාගි වූහ.