ත්‍රිකුණාමලය වරාය අවට මුහුදේ මසුන් හදිසියේ මියගොස් ගොඩගැසීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අදාළ සාම්පල් ජාතික ජලජ සම්පත් පර්යේෂණ නියෝජිතායතනය වෙත යොමු කළ බව දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ඔහු පැවසුවේ, අදාළ සිද්ධිය සැලවීමත් සමඟ නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ධීවර වරාය නීතිගත සංස්ථාව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතන එක්ව ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කළ බවයි. දැනට මෙම මාළු මියයෑම මුහුදු ජලය එම මසුන්ට සුදුසු තත්ත්වයක නොමැති වීම මත සිදු වූවක් බවට අනාවරණය වී ඇති බව කී දිසාපතිවරයා, මියගිය මසුන් ගොඩගැසීම හේතුවෙන් ප්‍රදේශයේ හමා යන දුර්ගන්ධය අවම කිරීමට ප්‍රාදේශීය සභාව හරහා එම මසුන් වළවල් කපා මිහිදන් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවද කීය.