ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා සමඟ Signature අධ්යක්ෂ අම්ජාඩ් හමීඩ් මහතා ඇඟලුම් සහකරු සංකේතය හුවමාරු කරගත් අයුරු.
ශ්‍රී ලංකාවේ කීර්තිමත් ඇඟලුම් සන්නාමයක් වන Signature කාන්තා හා පිරිමි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සමඟ ඇඟලුම් සහකරු ලෙස වසර 2027 දක්වා ගිවිසුම්ගත වුවේය.
මෙම හවුල්කාරීත්වය යටතේ දෙස් – විදෙස් ක්‍රිකට් තරගවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් දෙකේ ඇඟලුම් සහකරු ලෙස Signature කටයුතු කරනු ලැබේ. 1996 වසරේදී සහ 2014 වසරේදී ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් ලෙස කිරුළු පැලදි අවස්ථාවල ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ හවුල්කාරීත්වය පවත්වා ගෙන ගිය Signature 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම් සහකරු ලෙස ද කටයුතු කළේය.
මෙම හවුල්කාරීත්වය පිළිබඳ නිල වශයෙන් නිවේදනය කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් කොළඹ තරු පහේ හෝටලයකදී සිදු කෙරුණු අතර, එහි දී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් ද හුවමාරු විය. මෙම අවස්ථාවට කාන්තා හා පිරිමි ජාතික කණ්ඩායම්වල ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.