ලංකා විදුලිබල මණ්ඩලයේ රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොවන බව එම මණ්ඩලය පවසනවා.
එමෙන්ම විදුලිබල පනත අනිවාර්යෙන්ම සංශෝධනය වන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
ඉදිරි වසර 5 තුළ කලාපයේ අඩුම විදුලි පිරිවැය සහිත රට බවට ශ්‍රී ලංකාව පත් කරමින් මහජන හිතැති, පිරිසිදු, සුරක්ෂිත විදුලිබල ක්ෂේත්රයක් ඇති කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග වෙනුවෙන් සියළුම සේවකෛයින්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමට සියළු සේවකයින්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමට කමිටුවක් පත් කිරීමට ද යෝජනා වී තිබෙනවා.
ඒ, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහ අධ්යක්ෂ මණ්ඩලය අතර පැවති සාකච්ඡාවකදීයි.