ජා-ඇල ඇතුළු ප්රදේශ කිහිපයකට හෙට (05) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ජා-ඇල , කටුනායක , සීදූව නගර සභා බල ප්රදේශ, කටාන, මිනුවන්ගොඩ, ජා ඇල සහ ගම්පහ ප්රාදේශීය සභා බල ප්රදේශ වලට ජල සැපයුම ඒ අනූව අත්හිටුවනු ඇත.
හෙට පස්වරු 6 සිට අනිද්දා (06) පෙරවරු 6 දක්වා පැය 12ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.