ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිකුත් කළ ලබන වසරේ වාර්ෂික මලල ක්‍රීඩා දින දර්ශනයට අනුව ප්‍රධාන දේශීය මලල ක්‍රීඩා තරගාවලි 7කට හා විදෙස් මලල ක්‍රීඩා තරගාවලි 22කට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ඊයේ නිකුත් කළ මලල ක්‍රීඩා දින දර්ශනයට අනුව ලබන ජනවාරි 11දා දියගමදී පැවැතිවෙන ජාතික රට හරහා දිවීමේ ශූරතාවලියෙන් දේශීය මලල ක්‍රීඩා තරග ආරම්භ වන අතර, මාර්තු 16 වැනිදා ජපානයේ නෝමී නගරයේ පැවැත්වෙන ආසියානු කිලෝමීටර් 20 ඇවිදීමේ තරගාවලියෙන් විදෙස් තරගාවලි ආරම්භ වේ.
ලබන වසරේ අප්‍රේල් මාසයේ ඉන්දියාවේ රංචි හි පැවැත්වෙන දකුණු ආසියා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය හා සැප්තැම්බර් මාසයේ ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ප්‍රධාන ඉලක්ක දෙකකි. එමෙන්ම තවමත් දින නියමකොට නැති ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළට හා 14 වැනි දකුණු ආසියා ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සූදානම් කිරීම මෙවර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ඇති ප්‍රධානතම කාර්යභාරයකි. මෙම තරගාවලි කිහිපයටම පදක්කම් දිනාගත හැකි වැඩි මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාවවී තිබේ.
ලබන පෙබරවාරි හා මාර්තු මාසයේදී තේරීම් තරගාවලි දෙකක් ඇති අතර, එම තරගාවලි දෙකම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සංවිධානය කෙරේ. එම තේරීම් තරගාවලි දකුණු ආසියා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය හා ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළ ඉලක්කකොට පැවැත්වේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ දේශීය තරග කාලසටහන: ජනවාරි 11 ජාතික රට හරහා දිවීමේ ශූරතාවලිය දියගමදී, පෙරවාරි 23 ජාතික තරග දිවීමේ ශූරතාවලිය කොළඹදී, පෙබරවාරි 8 – 9 ජ්‍යෙෂ්ඨ හා යොවුන් පළමු තේරීම් තරගාවලිය කොළඹදී, මාර්තු 8 – 9 ජ්‍යෙෂ්ඨ හා යොවුන් අවසන් තේරීම් තරගාවලිය කොළඹදී, ජූනි 13 – 15 කනිෂ්ඨ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය කොළඹදී, ජූනි 29 ජාතික මැරතන් ශූරතාවලිය කොළඹදී, අගෝස්තු 1 – 3 ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය කොළඹදී
ප්‍රධාන ජාත්‍යන්තර තරග කාලසටහන: මාර්තු 16 ආසියානු කි.මී. 20 තරග දිවීමේ ශූරතාවලිය ජපානයේදී, මාර්තු 21 – 23 ලෝක ගෘහස්ත ක්‍රීඩා ශූරතාවලිය චීනයේදී, මාර්තු 23 ආසියානු මැරතන් තරගාවලිය තායිලන්තයේදී, අප්‍රේල් 5 – 6 දකුණු ආසියා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඉන්දියාවේදී, අප්‍රේල් 22 – 26 ආසියා 18න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලිය කසකස්තානයේදී, මැයි 27 – 31 ආසියා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය දකුණු කොරියාවේදී, මැයි 10 – 11 ලෝක සහාය දිවීමේ ශූරතාවලිය චීනයේදී, ජූනි 14 – 15 ආසියා විසි කිරීමේ තරග ඉසව් ශූරතාවලිය දකුණු කොරියාවේදී, සැප්තැම්බර් 13 – 21 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ජපානයේදී, දින නියමවී නැති – ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළ උස්බෙකිස්තානයේදී – දකුණු ආසියා ක්‍රීඩා උලෙළ පාකිස්තානයේදී
අනෙකුත් ජාත්‍යන්තර තරග කාලසටහන: අප්‍රේල් 10 – 13 ඔස්ට්‍රේලියා මලල ක්‍රීඩා ශූරතාවලිය ඇඩිලේඩ්හිදී, මැයි 16 ලෝක මලල ක්‍රීඩා කොන්ටිනෙන්ටල් ගෝන් ප්‍රී ජපානයේදී, ජුනි 24 ඔස්ට්‍රාවා ගෝල්ඩන් තරගාවලිය ඔස්ට්රාවාහිදී, ජූනි 17 ගෝලඩන් ලේබල් පාවෝ නුර්මි ක්‍රීඩා උලෙළ පින්ලන්තයේදී, අගෝස්තු 12 හංගේරියානු ගෝන් ප්‍රී බුඩාපේස්ට්හිදී, සැප්තැම්බර් 7 ලෝක මලල ක්‍රීඩා කොන්ටිනෙන්ටල් තරගාවලිය බීජිංහිදී, දින නියම නොවූ තරගාවලි – බංගබන්ධු මැරතන් ඩකාහිදී, බිල්බාඕ ජාත්‍යන්තර තරගාවලිය ස්පාඤ්ඤයේදී, චීන තායිපේ මලල ක්‍රීඩා තරගාවලිය තායිපේහිදී, බූසාන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය කොරියාවේදී, ඉන්දියානු ගෝන් ප්‍රී තරගාවලිය ඉන්දියාවේදී