-අවි ආයුධ තොගයකුත් ඒ අතර
පිළිකා වේදනා නාශක ඖෂධයක් වන ඔපියොයිඩ් වර්ගයේ වේදනා නාශකයක් වන ෆෙන්ටනිල් මාත්‍රා මිලියන 96ක් නිපදවිය හැකි රසායනික ද්‍රව්‍ය හා ද්‍රාවණ අතිවිශාල තොගයක් සොයා ගැනීමට කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්ත පොලීසිය සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කැනඩාවේ මෙවැනි නීති විරෝධී ඖෂධ තොගයක් සොයා ගත් පළමු අවස්ථාව මෙය බව ද එම ප්‍රාන්ත පොලීසිය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
බ්‍රිටිෂ් කොලොම්බියාවේ ග්‍රාමීය ප්‍රදේශයක රහසිගතව ගබඩා කර තිබූ එම ඖෂධ තොගයට අමතරව පිස්තෝල ඇතුළු අවි ආයුධ 89ක් සහ පතරොම් බහාලන මැගසින් විශාල ප්‍රමාණයක් ද, අමෙරිකානු ඩොලර් 3,60,000ක් ද සොයා ගැනීමෙන් එය සංවිධානාත්මක අපරාධ කල්ලියක මහ පරිමාණ ජාවාරමක් බව පොලීසිය සැක කරන බවද විදෙස් මාධ්‍ය සදහන් කළේය.
ඖෂධ තොගය සමඟ සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මේ ජාවාරමේ මහමොළකරු විය හැකි බවත් පොලීසිය අනුමාන කර තිබේ.
ඉන්දීය ජාතිකයකු වන සැකකරු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටින බව ද වාර්තා වේ.