වසර 190ක් පැරණි බ්‍රිතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පළමු වරට කළු ජාතික කාන්තාවක් පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 44 හැවිරිදි කෙමී බෙඩ්නොච් එම පක්ෂයේ නායකත්වයට පත් වූ සිව්වැනි කාන්තාව ලෙස ද පක්ෂ ඉතිහාසයට එක් වූ බව වාර්තා වේ. මීට පෙර මාග්‍රට් තැචර් (1975 පෙබරවාරියේ සිට 1990 නොවැම්බර්), තෙරේසා මේ (2016 ජූලි සිට 2019 ජූනි), ලිස් ට්රවුස් (2022 සැප්තැම්බරයේ සිට ඔක්තෝම්බර්) කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයේ කටයුතු කර තිබේ.
එම පක්ෂයේ නායකත්වය සඳහා පසුගියදා කෙමී සහ රොබර්ට් ජෙන් රික් අතර පැවති ඡන්ද විමසීමේදී කෙමී ඡන්ද 12,418කින් ජයගත් බව වාර්තා වේ.
කන්සර්වේටිව් පක්ෂයේ නව නායකයකු පත් කිරීමට තීරණය වූයේ පසුගිය ජූලි මස පැවති එරට මැතිවරණයේදී එම පක්ෂයේ නායක එවකට අගමැති රිෂි සුනාක් කම්කරු පක්ෂය හමුවේ අන්ත පරාජයකට පත්වීම හේතුවෙනි.