ජාත්‍යන්තර සුදුසැරයැටි දිනය නිමිත්තෙන් දෘශ්‍යාබාධ සහිත 750 දෙනකුට ශ්‍රී දළදා මාලිගාව මඟින් සුදු සැරයටි ප්රදානය කිරීම කිරීම පසුගියදා පල්ලේකැලේ බෞද්ධ විශ්වවිද්‍යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය ශ්‍රී දළදා මාලිගාවෙන් කළ ඉල්ලීමකට අනුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර මේ සුදු සැරයටි ප්‍රදානයට එකඟතාව පළ කර තිබේ. ශ්‍රී දළදා මාලිගාව විසින් පසුගිය කාලය තුළ ආගමික, සංස්කෘතික, සමාජීය හා ප්‍රජා සත්කාර්ය සඳහා රුපියල් බිලියන තුනකට වැඩි මුදලක් වැය කර ඇතැයි මෙහිදී දියවඩන නිලමේවරයා මෙහිදී පැවසුවේය.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි මහවෙල රතනපාල හිමි සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ සරසවියේ මණ්ඩපාධිපති ආචාර්ය උපාලි සේදර, ශ්‍රී දළදා මාලිගාවේ මහලේකම් රෝහණ කීර්තී දිසානායක, මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යංශයේ අධ්යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ල මහත්වරුද ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපතිනි නිලන්ති සමරවීර මහත්මියද ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.