කුමන ආණ්ඩුවක් බලයේ සිටියත් ගම සංවර්ධනය වීමට නම් මූලිකව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව සමගි ජන බලවේගයේ බොරැල්ල ආසන සංවිධායක ජනක නන්ද කුමාර මහතා පවසයි. ග්‍රාම සංවර්ධනය මත අනෙකුත් සාධක සම්පූර්ණ වන බව පෙන්වා දෙන ඒ මහතා කෘෂිකර්ම නිෂ්පාදන වැඩි දියුණු කිරීම, ඒ නිෂ්පාදන හා වෙළෙඳපොළක් ඇතිකිරීම, නව රැකියා අවස්ථා උත්පාදනය, ජනතාවට ස්වශක්තියෙන් නැඟී සිටීමට උදවු කිරීම, ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම ආදිය මඟින් දුප්පත්කම සහ අසමානතාව අඩු කිරීම හෝ නැති කිරීම කළ හැකි බවද පෙන්වා දෙයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ බොරැල්ලේ දී පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් ජනක නන්ද කුමාර මහතා මෙසේ ද පැවසීය.
රටේ සංවර්ධනයේ මූලික අවස්ථාව ගමේ සංවර්ධනයයි. සාමාන්‍යයෙන් රටක සංවර්ධනය ගැන කතා කරන විට නිතරම මාතෘකා වෙන්නේ නාගරික සංවර්ධනය ගැනයි. විශාල ගොඩනැඟිලි, පුළුල් මංමාවත් වගේ දේවල් සමඟ සංවර්ධනය ගැන හිතන සමාජ ආකල්පයක් ගොඩනැඟී තිබෙනවා. ඒවා ජනප්‍රිය මාතෘකා. ග්‍රාමීය සංවර්ධනය යනුවෙන් දෙයක් තිබෙනවා කියන එක මඟ හැරිලා ගිහින්. සමහර විට දේශපාලන වේදිකාවල පොරොන්දු පමණක් බවට මේ ග්‍රාමීය සංවර්ධනය ගැන කතා බහට පත්ව තිබෙනවා.
සාමාජීය ගැටලු බහුලයි. අපරාධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රශ්නයක්. නමුත් කොළඹ නගරය වසාගත්ත ගොඩනැඟිලි විශාල මංමාවත්වලින් මේ ජීවිතවල ඇත්ත කතාව වැහී ගිහින් තිබෙන්නේ. ඒ ප්‍රශ්නවලට විසඳුම් අත්‍යවශ්‍යයි. එහෙම නැතිව නාගරික සංවර්ධනය කියන එකත් බොරුවක්. ඒ වගේම ගමට සංවර්ධනය ගෙනියන්න අවශ්‍යයි කියන්නේ රටේ ආර්ථිකයට වැඩිම දායකත්වය දෙන්නේ ගමේ ජනතාව නිසයි. චීනය කිව්වේ එයාලාට ඕනෑම දෙයක් නිෂ්පාදනය කරන්න අපි වෙළෙඳපොළ හදා දෙන්නම් කියලයි. චීනයේ ආර්ථික නැඟීම සිදු වෙන්න මේ ගමේ නිෂ්පාදකයා විශාල මෙහෙවරක් කළා. අමෙරිකානු රජය තමන්ගේ මිනිසුන්ට කිව්වේ අලුතෙන් හිතන්න අලුත් දේ නිෂ්පාදනය කරන්න ඉතුරු හරිය අපි බලා ගන්නම් කියලයි.ඒ රටවල් ගොඩනැඟුණේ ගමේ මිනිහාගේ දායකත්වයෙන්. මේ අවස්ථාව අපටත් තිබෙනවා. ගමේ ඉන්නවා අලුතෙන් හිතන මිනිස්සු. විවිධ හැකියාවන් සහිත මිනිස්සු. මහන්සි වෙලා කැප කිරීම් කර ගොඩයන්න සූදානම් මිනිස්සු. මේ රටේ සංවර්ධනයට දායක කර ගත හැකි විශාලම මානව සම්පතක් තිබෙනවා. අපි කරන්න ඕනෑ ඒ අයට අවස්ථාව හදා දෙන එකයි. මේ නිසා වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයන්හි වැඩිම අවධානයක් මේ ග්‍රාමීය ප්‍රජාවට ලැබෙන්න අවශ්‍යයි. අද දේශපාලනයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක. මම පෞද්ගලිකව විශ්වාස කරනවා අපට මේ රට හදන්න ඕනෑ තරම් අවස්ථාව තිබෙනවා කියන එක. අපි ඒ වෙනුවෙන් අවංකව ප්‍රතිපත්තියක් වැඩපිළිවෙළක් ඇතිව වැඩ කරන්න ඕනෑÓ යැයි පැවසීය.