අස්වැසුම සුභසාධක ප්රතිලාභ ලබාදීමේ ක්‍රියාවලිය තුළදී ආසාධාරණයට ලක්වූ සමෘද්ධිලාභීන් සොයා ගැනීමට සහ ඒ පිළිබඳ නිසි පරීක්ෂාවක් සිදු කිරීමට දස පුද්ගල කමිටුවක් සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් පත්කර තිබෙනවා
ඒ අනුව සමෘද්ධිලාභීන් ලෙස ප්රතිලාභ ලබමින් සිට අස්වැසුම ප්රතිලාභ අහිමි වූ එහෙත් සත්‍ය වශයෙන්ම ප්රතිලාභ ලැබිය යුතු විශාල කණ්ඩායමක් මේ වන විටත් දිවයින පුරා සිටින බවට ලැබී ඇති තොරතුරු සහ ඉල්ලීම්වලින් හඳුනාගෙන ඇති බව සඳහන්.
එමෙන්ම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතින් අදාළ අමාත්‍යාංශව කරනු ලැබූ විමසීම්වලින්ද ගැටලුකාරී තත්ත්වයන් පවතින බව අනාවරණය වී තිබෙනවා