හොරුන්ට අද ජන­තාව අත­රට යන්න බැහැ

  • එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඩ පක්ෂයේ නායක රන්ජන් රාම­නා­යක

ජන­තා­වට මුහු­ණ­දී­මට බැරිව හිටපු මැති ඇමැ­ති­ව­රුන් හැටක පමණ පිරි­සක් ස්වෙච්ඡා­වෙන් විශ්‍රාම ගිහින්.අද හොරුන්ට ජන­තාව අත­රට යා නොහැ­කිව සිටින බව එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාම­නා­යක මහතා ගම්ප­හදී පැව­සීය. ඒ මහතා එසේ පැවැ­සුවේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ පක්ෂයේ අපේ­ක්ෂ­ක­යන්ගේ ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කිරීම පිණිස ගම්පහ නග­රයේ පැවති ජන­හ­මු­ව­ක­දීය.

එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ, නමින් නව පක්ෂ­යක් පිහි­ටු­වා­ගෙන අලුත් ලකු­ණ­කින් මේ දේශ­පා­ලන සට­නට අව­තීර්ණ වන විට බය­වුණු විවිධ පක්ෂ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට පෙත්ස­මක් ඉදි­රි­පත් කර තිබුණා. ඒ රන්ජන් රාම­නා­යක ඇතුළු කණ්ඩා­යම දේශ­පා­ල­න­යට එන එක නැවැ­ත්වී­ම­ටයි. ඒක ඉහ­ළම අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළා. එය නිශ්ප්‍රභා කළා. දැන් මට පාර නිර­වුල් වෙලා තිබෙ­නවා. තව­දු­ර­ටත් මේ රටට සේවය කිරී­මට.ක්‍රියා­කාරී දේශ­පා­ල­න­යට එන්න දැන් මට හැකි­යාව ලැබී තිබෙ­නවා. දැන් පාර නිර­වුල්.අලුත් පක්ෂ­යක් තිබෙ­නවා.

බොහෝ අය මගෙන් අහ­නවා ඇයි මෙප­මණ පක්ෂ තිබි­ය­දීත් විජය කුමා­ර­ණ­තුංග මහ­ත්තයා වගේ අලුත්ම පක්ෂ­යක් හදා­ගෙන ආවේ කියලා. මම ඒකට දෙන උත්ත­රය තමයි, මම හිටපු පක්ෂ­වල නාය­ක­යොම කිය­නවා ඒ පක්ෂ­වල තිබෙන්නෙ සැලුන් දොර­වල් කියලා. ඒ සැලුන් දොරෙන් ඕනෑම හොරෙ­කුට, ඕනෑම කප්ප­ම්කා­ර­ය­කුට, ඕනෑම කුඩු­කා­ර­ය­කුට ඇතුළු වෙන්න පුළු­වන්ලු. ඉතින් මට එවැනි අයත් එක්ක වේදි­කාවෙ ඉන්න අප­ලයි. මම මගේ ගීත­ව­ලින්, චිත්‍ර­ප­ටි­ව­ලින් කිය­නවා වගේ උන් ඔක්කොම හොරු මල්ලි. ඒ ඔක්කොම යාළුවො මල්ලි කියා කියන්න බැරි හින්දා තමයි මම අලුත්ම පක්ෂ­යක්, අලුත්ම ප්‍රති­පත්ති ප්‍රකා­ශ­යක් හදා­ගෙන නැවුම් පක්ෂ­යක් හැටි­යට එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ නමින් මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වුණේ.

තවත් දෙයක් මතක් කළ යුතුයි. මේ පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී පක්ෂ පනස් ගණ­නක් පමණ මේ සට­නට අව­තීර්ණ වෙලා සිටි­නවා. මේ එක­ක­ට­වත් විරෝ­ධතා සහ පෙත්සම් ඉදි­රි­පත් කර නැහැ. මේ හැමෝම බය­වෙලා තිබෙන්නෙ අපට. ඇයි අපට මෙච්චර බය කියන එක ඡන්ද­දා­ය­ක­යන් තේරුම් ගන්න ඕනෑ. මොක­ටද මෙච්චර බය. ඉතින් ජන­තාව තීර­ණ­යක් ගනීවි. අපි ක්‍රියා­කාරී දේශ­පා­ල­නයේ කොතැ­නද ඉන්න ඕනෑ කියලා. ඒ මේ පක්ෂයේ නාය­කයා හැටි­යට මේ පක්ෂයේ තීර­ණය හැටි­යට මම ඔබ­ලා­ගෙන් ඉල්ලන්නේ. මාව විශ්වාස කරන්න.මගේ පක්ෂය විශ්වාස කරන්න. මේ වගේ දූෂිත රටක මගේ දේශ­පා­ලන ගමනේ හොඳ නමක් තියා­ගෙන ඉන්න එක අමාරු වැඩක්.

අපි රජයේ කකු­ලෙන් අදින්නේ නැහැ. එයා­ලට මුක්කු ගහ­න්නෙත් නැහැ. එයාලා වර­දක් කළොත් ඒක පෙන්වන්න කශේ­රු­කා­වක් අපට තිබෙ­නවා. ඒ වගේම ඒ අය හොඳක් කළොත් හොඳයි කියන්න කුහක නැති දේශ­පා­ලන ප්‍රති­ප­ත්ති­ය­කුත් අපට තිබෙ­නවා. අපි යන්නේ තනි ගම­නක්. ඒ නිසා අපව විශ්වාස කරන්න කියන එකයි, එතැ­නට යවන්න කියන එකයි ඉල්ලා සිටි­නවා.Ó

මැති­ව­රණ අපේ­ක්ෂක පැතුම් ධනං­ජය මහතා ඇතුළු අපේ­ක්ෂ­ක­යන් කීහිප දෙනෙක්ද මෙහිදී අද­හස් දැක්වූහ.