2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරිම් විශේෂ දිනයක් ලෙස අද (03) දිනය නම් කර තිබෙනවා.
නිල ඡන්ද දැන්වීම් පත්රිකා නොලැබුණු පුද්ගලයින්ට ලබන 7 වනදායින් පසු ළඟම තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර මහ මැතිවරණයේ තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට හෙට දිනයේ ද අවස්ථාව හිමි වනවා.
පසුගිය මාසයේ 30 සහ පෙරේදාද තැපැල් ඡන්දය පැවති අතර එම දිනවල ඡන්දය ප්රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට මෙලෙස හෙට දිනයේ දී සිය ඡන්දය ප්රකාශ කළ හැකි වනවා.
එමෙන්ම මෙම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන අයට ලබන 7 සහ 8 දිනවලදිද සිය තැපැල් ඡන්දය ප්රකාශ කළ හැකි බව සඳහන්.