කළුතර, සේරුපිට ප්රදේශයේ ගුවන් පාලම යට දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙයි.
පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත.
ඝාතනයට ලක් වූ පුද්ගලයා සේරුපිට ජනපදයේ පදිංචිව සිටි වයස අවුරුදු 42ක පුද්ගලයෙක් බවය කළුතර දකුණ පොලිසිය සඳහන් කරයි.
කළුතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.