- එක්සත් ප්රජාතන්ත්රවාදී හඩ පක්ෂයේ නායක රන්ජන් රාමනායක
ජනතාවට මුහුණදීමට බැරිව හිටපු මැති ඇමැතිවරුන් හැටක පමණ පිරිසක් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගිහින්.අද හොරුන්ට ජනතාව අතරට යා නොහැකිව සිටින බව එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතා ගම්පහදී පැවසීය. ඒ මහතා එසේ පැවැසුවේ ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස ගම්පහ නගරයේ පැවති ජනහමුවකදීය.
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ, නමින් නව පක්ෂයක් පිහිටුවාගෙන අලුත් ලකුණකින් මේ දේශපාලන සටනට අවතීර්ණ වන විට බයවුණු විවිධ පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. ඒ රන්ජන් රාමනායක ඇතුළු කණ්ඩායම දේශපාලනයට එන එක නැවැත්වීමටයි. ඒක ඉහළම අධිකරණයට ඉදිරිපත් කළා. එය නිශ්ප්‍රභා කළා. දැන් මට පාර නිරවුල් වෙලා තිබෙනවා. තවදුරටත් මේ රටට සේවය කිරීමට.ක්‍රියාකාරී දේශපාලනයට එන්න දැන් මට හැකියාව ලැබී තිබෙනවා. දැන් පාර නිරවුල්.අලුත් පක්ෂයක් තිබෙනවා.
බොහෝ අය මගෙන් අහනවා ඇයි මෙපමණ පක්ෂ තිබියදීත් විජය කුමාරණතුංග මහත්තයා වගේ අලුත්ම පක්ෂයක් හදාගෙන ආවේ කියලා. මම ඒකට දෙන උත්තරය තමයි, මම හිටපු පක්ෂවල නායකයොම කියනවා ඒ පක්ෂවල තිබෙන්නෙ සැලුන් දොරවල් කියලා. ඒ සැලුන් දොරෙන් ඕනෑම හොරෙකුට, ඕනෑම කප්පම්කාරයකුට, ඕනෑම කුඩුකාරයකුට ඇතුළු වෙන්න පුළුවන්ලු. ඉතින් මට එවැනි අයත් එක්ක වේදිකාවෙ ඉන්න අපලයි. මම මගේ ගීතවලින්, චිත්‍රපටිවලින් කියනවා වගේ උන් ඔක්කොම හොරු මල්ලි. ඒ ඔක්කොම යාළුවො මල්ලි කියා කියන්න බැරි හින්දා තමයි මම අලුත්ම පක්ෂයක්, අලුත්ම ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදාගෙන නැවුම් පක්ෂයක් හැටියට එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ නමින් මැතිවරණයට ඉදිරිපත් වුණේ.
තවත් දෙයක් මතක් කළ යුතුයි. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂ පනස් ගණනක් පමණ මේ සටනට අවතීර්ණ වෙලා සිටිනවා. මේ එකකටවත් විරෝධතා සහ පෙත්සම් ඉදිරිපත් කර නැහැ. මේ හැමෝම බයවෙලා තිබෙන්නෙ අපට. ඇයි අපට මෙච්චර බය කියන එක ඡන්දදායකයන් තේරුම් ගන්න ඕනෑ. මොකටද මෙච්චර බය. ඉතින් ජනතාව තීරණයක් ගනීවි. අපි ක්‍රියාකාරී දේශපාලනයේ කොතැනද ඉන්න ඕනෑ කියලා. ඒ මේ පක්ෂයේ නායකයා හැටියට මේ පක්ෂයේ තීරණය හැටියට මම ඔබලාගෙන් ඉල්ලන්නේ. මාව විශ්වාස කරන්න.මගේ පක්ෂය විශ්වාස කරන්න. මේ වගේ දූෂිත රටක මගේ දේශපාලන ගමනේ හොඳ නමක් තියාගෙන ඉන්න එක අමාරු වැඩක්.
අපි රජයේ කකුලෙන් අදින්නේ නැහැ. එයාලට මුක්කු ගහන්නෙත් නැහැ. එයාලා වරදක් කළොත් ඒක පෙන්වන්න කශේරුකාවක් අපට තිබෙනවා. ඒ වගේම ඒ අය හොඳක් කළොත් හොඳයි කියන්න කුහක නැති දේශපාලන ප්‍රතිපත්තියකුත් අපට තිබෙනවා. අපි යන්නේ තනි ගමනක්. ඒ නිසා අපව විශ්වාස කරන්න කියන එකයි, එතැනට යවන්න කියන එකයි ඉල්ලා සිටිනවා.Ó
මැතිවරණ අපේක්ෂක පැතුම් ධනංජය මහතා ඇතුළු අපේක්ෂකයන් කීහිප දෙනෙක්ද මෙහිදී අදහස් දැක්වූහ.