සර්දාර් වල්ලා­භායි පටෙල්ගේ 150 වැනි ජන්ම සංව­ත්ස­ර­යට කොළඹදී ඡායා­රූප ප්‍රද­ර්ශ­න­යක්

ඉන්දි­යාවේ යකඩ මිනිසා ලෙස හැඳි­න්වෙන සර්දාර් වල්ලා­භායි පටෙ­ල්තු­මාගේ 150 වැනි ජන්ම සංව­ත්ස­රය නිමි­ත්තෙන් එතු­මාගේ ජීවි­තය සහ උරු­මය අනු­ස්ම­ර­ණය කර­මින් ඡායා­රූප ප්‍රද­ර්ශ­න­යක් කොළඹ හැරල්ඩ් පීරිස් ගැල­රියේ දී පැවැ­ත්විණි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ­කො­ම­සා­රිස් සන්තෝෂ් ජා මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සංවි­ධාන කළ මේ ප්‍රද­ර්ශ­නයේ බෙදුණු භූමි­යක් එක්සත් ජාති­යක් බවට පරි­ව­ර්ත­නය කර­මින් අචල ශක්ති­ය­කින් ඉන්දි­යාව එක්සත් කළ ඉන්දි­යාවේ එක්ස­ත්භා­වයේ නිහඬ නිර්මා­තෘ­ව­ර­යාගේ ගම­න්මඟ, ප්‍රත්‍යා­ස්ථ­භා­වය සහ කැප­වීම මේ ප්‍රද­ර්ශ­න­යෙන් පෙන්නුම් කෙරිණි. සර්දාර් වල්ලා­භායි පටෙ­ල්තුමා නිද­හස් ඉන්දි­යාවේ ප්‍රථම නියෝජ්‍ය අග­මැ­ති­ව­රයා මෙන්ම ස්වදේශ කට­යුතු ඇමැ­ති­ව­රයා ද විය.

ප්‍රද­ර්ශ­නය විවෘත කර­මින් මහ­කො­ම­සා­රි­ස්ව­රයා සඳ­හන් කළේ, කුමාර රාජ්‍ය­යන් 500කට අධික සංඛ්‍යා­වක් තනි ජාති­යක් ලෙස ඒකා­බද්ධ කළ නාය­ක­යකු ලෙස සර්දා­ර්තු­මාගේ සුවි­සල් බල­පෑම නූතන ඉන්දි­යා­වට පද­නම සකස් කළ බවයි. “අද අප එතුමා සිහි කරන අතර, එක්ස­ත්භා­වය, ශක්තිය සහ දේශ­ප්‍රේ­මී­ත්වය පිළි­බඳ පටෙ­ල්තු­මාගේ පර­මා­දර්ශ අන් කව­ර­දා­ටත් වඩා වර්ත­මා­න­යේදී වලංගු වන්නේ බෙදා හදා ගන්නා අර­මු­ණක බලය අපට සිහි ගන්ව­මින් බවත් එතුමා හැඩ­ගැ­ස්වී­මට උප­කාරී වූ දේශ­පා­ලන මායිම් සඳහා මෙන්ම පර­ම්පරා ගණ­නක් අභි­ප්‍රේ­ර­ණය කරන ප්‍රත්‍යා­ස්ථ­භා­වයේ සහ එක්ස­ත්භා­වයේ වටි­නා­කම් සඳහා එතුමා දැක්වූ දාය­ක­ත්වය අදත් නොනැසී පව­තින බවත්ය.

විද්ව­තුන්, ඡායා­රූප සංගම් සහ පුස්ත­කාල සංග­ම්වල නියෝ­ජි­ත­යන් සහ සිසුන් ඇතුළු පිරිසක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.