සමාජ මාධ්‍ය හරහා එන ව්‍යාජ පණි­වු­ඩ­ව­ලින් ප්‍රවේ­සම් වන්න-ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර සංස­දය ජන­තා­ව­ගෙන් ඉල්ලයි

වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා යොමු කෙරෙන ව්‍යාජ පණි­වු­ඩ­ව­ලින් ප්‍රවේ­සම් වන ලෙසත් ඒ පිළි­බ­ඳව දැඩි අව­ධා­න­යෙන් කට­යුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර සංස­දය ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටියි.

මේ පිළි­බ­ඳව නිවේ­ද­න­යක් නිකුත් කර­මින් එම සංස­දය අව­ධා­ර­ණය කළේ වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල උප­යෝගී කර­ග­නි­මින් සංස­ර­ණය වන දැන්වීම් (Post ) පුද්ගල දත්ත සහ මූල්‍ය­මය තොර­තුරු ලබා­ග­නි­මින් සිදු කෙරෙන සයි­බර් වංචා­වන් මේ දින­වල බහු­ලව වාර්තා වන බවයි.

ඒ අනුව විවිධ බැංකු, වාණිජ ආය­තන, අන්ත­ර්ජා­තික ආය­තන නාම­යන් භාවිත කර­මින් පරි­ත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, අධික ලාභ­දායී භාණ්ඩ ඔන්ල­යින් ක්‍රම­යට ලබා­දීම, රැකී­රක්ෂා ලබා­දීම ආදිය සඳහා ලියා­ප­දිංචි වන ලෙස දන්ව­මින් එවනු ලබන ව්‍යාජ එස්.එම්.එස්. පණි­වුඩ සහ වට්ස්ඇප් පණි­වුඩ මඟින් ඕ.ටී.පී මුර­පද (Password) තොර­තුරු ඉල්ලා එවන පණි­වු­ඩ­ව­ලින් ජන­තාව ප්‍රවේ­සම් විය යුතු බව ද එම සංස­දය වැඩි­දු­ර­ටත් දැනුම් දෙයි.

ව්‍යාජ වෙබ් අඩවි, සමාජ මාධ්‍ය, එස්.එම්.එස්. සහ වට්ස්ඇප් මඟින් එවනු ලබන පණි­වුඩ හරහා සයි­බර් ජාවා­ර­ම්ක­රු­වන් මෙම වංචා සිදු කරන අතර, එලෙස ලබා­දෙන ලින්ක්ස් වෙත පිවි­සී­මෙන් ඊට සම්බන්ධ වන පුද්ග­ල­යන්ගේ පරි­ග­ණක, ජංගම දුර­ක­ත­න­වල ඇති දත්ත සොරා­ගැ­නී­මෙන් විවිධ අප­චාර සඳහා මෙන්ම මුදල් වංචාද සිදු කරන බව නිරී­ක්ෂ­ණය වී ඇත.

විශේ­ෂ­යෙන්ම වට්ස්ඇප් පණි­වුඩ මඟින් එවනු ලබන ඕ.ටී.පී. මඟින් වට්ස්ඇප් ගිණුම් අප­රා­ධ­ක­රු­වන්ගේ පාල­න­යට ගැනෙන අතර, ඊට පසු එම වට්ස්ඇප් ගිණුම් යොදා ගෙන විවිධ ආධාර ඉල්ලීම් වැනි කට­යු­තුද සිදු කෙරෙන බව එම නිවේ­ද­නයේ වැඩි­දු­ර­ටත් සඳ­හන් වෙයි.