වසර 16කට පසු දකුණු අප්‍රි­කා­වට ආසි­යා­වේදී පූර්ණ ටෙස්ට් ජයක්

වසර 16කට පසුව ආසි­යානු ක්‍රිකට් තරග බිමේදී පූර්ණ ටෙස්ට් තර­ගා­වලි ජයක් වාර්තා කිරී­මට දකුණු අප්‍රි­කානු ක්‍රීඩ­කයෝ සමත් වූහ. බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව චෙටො­ග්‍රෑ­ම්හිදී පැවති දෙවැනි තර­ගය ඉනි­ම­කින් සහ ලකුණු 273කින් ජය­ගත් දකුණු අප්‍රි­කාව 2-0ක් ලෙස තර­ගා­ව­ලිය නිමා කළේය.

මේ ජය වාර්තා අත­රට එක් වූයේ දකුණු අප්‍රි­කාව 2008 වස­රෙන් පසුව ආසි­යා­වේදී වාර්තා කළ පූර්ණ ටෙස්ට් තර­ගා­වලි ජය ලෙසයි. ඔවුන් අව­ස­න්ව­රට බංග්ලා­දේ­ශ­යට එරෙ­හි­වම 2-0කින් පූර්ණ ටෙස්ට් තර­ගා­වලි ජයක් වාර්තා කර තිබිණි. මෙන්ම මේ ජය­ග්‍ර­හ­ණය දකුණු අප්‍රි­කාව වෙනු­වෙන් ඉනි­මක් සමඟ ලකුණු පර­ත­රය අනුව වාර්තා වූ ඉහ­ළම ජය­ග්‍ර­හ­ණය ද විය. මින් පෙර 2017 වසරේ බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව දකුණු අප්‍රි­කාව ඉනි­ම­කින් ලකුණු 254කින් තර­ග­යක් ජය ගෙන තිබිණි.

මේ තර­ගයේදී දකුණු අප්‍රි­කාව පළමු ඉනි­මට ලකුණු 575ක් රැස් කළ අතර, පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලා­දේ­ශය ලකුණු 159කට දැවී ගිය අතර, පිට පිට දෙවැනි වර­ටත් පන්දු­වට පහර දුන්නද එවර රැස් කළ හැකි වූයේ ලකුණු 143ක් පමණි. මේ ජය­ සමඟ ලෝක ටෙස්ට් ශූර­තා­ව­ලියේ ප්‍රසාද ලකුණු සට­හනේ සිව්වැනි ස්ථානය දක්වා ඉදි­රි­යට ඒමට ද දකුණු අප්‍රි­කා­වට හැකි විය.

මේ අතර, සිය සත්කා­ර­ක­ත්ව­යෙන් පැවැ­ත්වී­මට නිය­මිත ටෙස්ට් තරග 4න් 3ක් ජය­ගත හොත් ඔවුන්ට අව­සන් තර­ග­යට එක්වීමේ අව­ස්ථාව උදා වනු ඇත. එම තරග ලබන මස ශ්‍රී ලංකා­වට එරෙ­හිව (තරග 2යි) සහ ජන­වාරි මස පාකි­ස්තා­න­යට එරෙ­හිව (තරග 2යි) පැවැත්වේ.