ලෝක ටෙස්ට් ශූර­තා­ව­ලියේ ශ්‍රී ලංකා­වට තීර­ණා­ත්මක අව­සන් තරග දෙකම ගාලු පිටියේ

ලෝක ටෙස්ට් ශූර­තා­ව­ලියේ ශ්‍රී ලංකාව සහ­භා­ගි ­වන අව­සන් ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණයේ පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේ­ලි­යාව අතර පළමු ටෙස්ට් තර­ගය ජන­වාරි 29 සිට පෙබ­ර­වාරි 2 වැනිදා දක්වා හා දෙවැනි ටෙස්ට් තර­ගය පෙබ­ර­වාරි 6 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වේ. ටෙස්ට් තර­ගා­ව­ලි­යෙන් අන­තු­රුව පැවැ­ත්වෙන එක්දින තර­ගය පෙබ­ර­වාරි 13 වැනිදා පැවැ­ත්වෙන අතර, එම ක්‍රීඩාං­ග­ණය තව­මත් තීර­ණය වී නැත.

ලබන වසරේ පැවැ­ත්වෙන ලෝක ටෙස්ට් ශූර­තා­ව­ලියේ අව­සන් මහා තර­ග­යට පැමි­ණීම උදෙසා ඉදි­රි­යෙන්ම සිටින ඉන්දි­යාව, ඔස්ට්‍රේ­ලි­යාව හා ශ්‍රී ලංකාව දැඩි තර­ග­කා­රී­ත්ව­යක සිටින හෙයින් ශ්‍රී ලංකාවේ පැවැ­ත්වෙන තරග දෙක­කින් සම­න්විත ඔස්ට්‍රේ­ලි­යාව සමඟ ටෙස්ට් තර­ගා­ව­ලිය ඉතා වැද­ගත් වේ. මේ මස අව­සා­නයේ දකුණු අප්‍රි­කා­වේදී ටෙස්ට් තරග දෙක­කට ශ්‍රී ලංකාව මුහු­ණ­දෙන අතර, ශ්‍රී ලංකා­වට ඉතිරි ටෙස්ට් තරග හත­රෙන් තවත් ජය­ග්‍ර­හණ තුනක් සම­ඟින් ලෝක ටෙස්ට් ශූර­තා­ව­ලියේ අව­සන් පූර්ව වටය සඳහා තල්ලු­වක් ලබා ගත හැකි බව විශ්වා­සය වී තිබේ.

කමිඳු මෙන්ඩිස්ගේ ටෙස්ට් දිවියේ විස්මිත ආර­ම්භය ශ්‍රී ලංකා පිලේ ඉදිරි ගම­නට ඉව­හල් වී ඇති අතර, ඔහුගේ පළමු ඉනිම් 12 තුළ සාමාන්‍ය 94.30ක් වී තිබේ. පන්දු යැවී­මේදී ප්‍රභාත් ජය­සූ­රිය ප්‍රධාන තුරු­ම්පු­වක් බවට පත්ව සිටින අතර, ගාල්ල තණ­තිල්ලේ ඔහු හොඳින් දස්කම් දක්වා ඇත.

1982 වසරේ සිට ඔස්ට්‍රේ­ලියා – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉති­හා­සය තුළ මේ දක්වා අන්ත­ර්ජා­තික ටෙස්ට් ක්‍රිකට් තරග 33කදී ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේ­ලි­යාව එකි­නෙකා මුණ­ගැසී තිබේ. ඉන් තරග 20ක ජය­ග්‍ර­හ­ණය ඔස්ට්‍රේ­ලි­යාව හිමි­ක­ර­ගෙන ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩා­යම ජය­ග්‍ර­හ­ණය කර ඇති තරග ගණන 5කි. තවත් ටෙස්ට් තරග 8ක් ජය පරා­ජ­යෙන් තොරව අව­සන් විය.

ඔස්ට්‍රේ­ලි­යානු බිමේ දී ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේ­ලි­යාව අතර ටෙස්ට් තර­ගා­වලි 7ක් පවත්වා ඇති අතර එම තර­ගා­වලි 7ම ජය­ග්‍ර­හ­ණය කිරී­මට ඔස්ට්‍රේ­ලි­යා­නු­වන් සම­ත්වීම විශේ­ෂ­ත්ව­යකි. කෙසේ වෙතත් ඔස්ට්‍රේ­ලි­යාව තුළ දී ශ්‍රී ලංකාව එකදු ටෙස්ට් තර­ග­යක් හෝ ජය ගැනී­මට සමත් වී නොමැත. 2022දී ඔස්ට්‍රේ­ලි­යානු පිල ශ්‍රී ලංකාවේ කළ ටෙස්ට් ක්‍රිකට් සංචා­ර­යේදී ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තර­ගයේ ජය­ග්‍ර­හ­ණය ලබා තර­ගා­ව­ලිය 1-1ක් ලෙස නිමා­වට පත් කළේය.